தமிழ்
English
Contact
Thursday 21st June 2018    
පාකිස්තානයේ තලේබාන් උප නායකයා මියයයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාකිස්තානයේ තලේබාන් උප නායකයා මියයයි



පාකිස්තානයේ තලේබාන් උපනායකයා මියගිය බව එම සංවිධානය පිළිගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගියදා ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයට එක්සත් ජනපදය විසින් එල්ලකරනු ලැබූ ඩ්‍රෝන ප්‍රහාරයකින් සිය උප නායකයා මියගිය බව එම සංවිධානය මාධය වෙත හෙළිකර තිබේ.

මේ වනවිට පාකිස්තානයේ තහනමට ලක් තිබෙන තරික් ඊ තලේබාන් සංවිධානයේ උප නායකයා ලෙස මියගිය කලීඩ් මෙසූඩ් කටයුතු කරමින් සිට ඇත.

පසුගිය කාලයේදී අවස්ථා ගණනාවකදීම පාකිස්ථානයේ හා ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීම් හා තලේබාන් ප්‍රහාරයන් සදහා  මොහු නායකත්වය ලබා දෙන පකිස්ථාන තලේබන් සංවිධානය වගකිවයුතු බව පාකිසථාන මාධ්‍ය අනාවරණය කර තිබේ. 




Related News