Posted on 02.23.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා අද (23දා) ලංකාවට පැමිණීමට නියමිතය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරයුමකට අනුව ඔහු මෙම සංචාරය සඳහා පැමිණෙන බව සඳහන් වේ.
අග්රාමාත්ය ඉම්රාන් ඛාන් සිය සංචාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිතය.
නිල සාකච්ඡාවලින් අනතුරුව අද දින ශ්රී ලංකා සහ පාකිස්තාන අග්රාමාත්යවරු එක්ව ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට නියමිතව සිටියි.
පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ පැමිණීම සිදුවන්නේ ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය අතර මතබේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන අවස්ථාවක වීම විශේෂත්වයකි.