தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
පාදෙනිය පෞද්ගලික වාසි සඳහා වෙනත් වෘත්තීන් හෑල්ලුවට ලක් කරනවා - කෘෂි නිලධාරී සංගම් පවසයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාදෙනිය පෞද්ගලික වාසි සඳහා වෙනත් වෘත්තීන් හෑල්ලුවට ලක් කරනවා – කෘෂි නිලධාරී සංගම් පවසයි



විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට ඔහුගේ ක්ෂේත්‍රයේ නිපුනතාවයක් ඇති අයුරින්ම අනෙකුත් වෘත්තීයවේදීන් ද ඔවුන්ගේ වෘත්තීය පිළිබඳ මනා නිපුනතාවයක් ලබාගත් නිලධාරීන් වන බව අමතක කිරීම කණගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසා ඇත්තේ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ ක්ෂේත්‍රයට අදාළව ගැටලු ගණනාවක් තිබියදී ජනප්‍රියත්වය සහ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් වෙනත් වෘත්තීයවේදීන්ගේ සේවා අභිමානය හෑල්ලුවට ලක්කිරීම හෙළාදකින බවයි.

පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී විශේෂඥවෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සඳහන් කර සිටියේ කාබනික ගොවිතැනට විරුද්ධ වෙන කෘෂි නිලධාරීන් ඒ පිලිබඳ කිසිවක් නොදන්නා බවයි. එසේම තවත් පිරිසක් කෘෂි රසායනික සමාගම්වලින් වැටුප් ලැබීම කාබනික වගාවට විරුද්ධව වීමට හේතුවක් ලෙස ඔහු සඳහන් කර තිබුණි.

එසේම කෘෂි රසායන සමාගම්වලින් වැටුප් ලබන නිලධාරීන් සිටීනම් හෙළිකරන ලෙසද ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය තම නිවේදනය හරහා පවසා ඇත.

එසේම මෙම සංගමය වැඩිදුරටත් පවසා ඇත්තේ කෘෂිකර්මය යනු ගොවිතැන් කිරීම පමණක් නොව විද්‍යාවක් යන්න අවබෝධ කර නොගැනීම කණගාටුවට කරුණක් බවයි.