Posted on 03.26.2019 by Chandana Sirimalwatte in ක්‍රීඩා පුවත් with 0 Comments
එංගලන්තය හා මොන්ටිනිග්‍රෝ කණ්ඩායම් අතර පැවති පාපන්දු තරගයකදී එංගලන්ත ක්‍රීඩකයන් වෙත ජාතිවාදී අවමන් කිරීම සම්බන්ධයෙන් පියවර ගත යුතු බවට එම තරගයට සහභාගි වූ දෙපාර්ශ්වයේ ක්‍රීඩකයෝ පවසති.
යුරෝ 2020 පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ මොන්ටිනිග්‍රෝ පරදවා එංගලන්තය 1-5 වශයෙන් ජය ලැබීය. එංගලන්ත කළමනාකරු ගැරත් සවුත්ගේට් පවසා ඇත්තේ තරගාවලිය අවස්ථාවේ අවමන් සහගත ප්‍රකාශ තමන්ට අසන්නට ලැබුණු බවය. එහෙත් මොන්ටිනිග්‍රෝ කළමනාකර ජුබිසා ටුම්බකෝවික් පවසා ඇත්තේ තමන්ට කිසිදු ජාතිවාදි ප්‍රකාශයක් අසන්නට නොලැබුණු බවය. ඩැනී රෝස් වෙත ජාතිවාදි අවමන් කරනු ලැබූ බව ක්‍රීඩා විස්තර ප්රචාරකයන්ද සිය විකාශන අතරතුර පෙන්වා දී ඇති අතර මෙම තත්වය ක්‍රීඩාවට කැළලක් ලෙස හදුන්වා දෙනු ලැබිණි.
අප්‍රිකානු සම්භවයක් ඇති එංගලන්ත ක්‍රීඩක රහීම් ස්ටර්ලින් සිය ගෝලයක් ජයග්‍රහණය කරමින් පෙන්වන ලද අභිනය ඔහු විසින් පසුව විස්තර කෙරුණේ ජාතිවාදින්ට පිළිතුරක් දෙන්නට තමන්ට අවශ්‍ය වූ බවය.