Posted on 03.28.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) ‘ජන අරගල ව්‍යාපාරයේ ’ පළමු සමුළුව, ඊයේ (27) නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
‘ඇත්ත බලාපොරොත්තුවක් – මහජන ව්‍යාපාරයක්’ යන තේමාවෙන් මෙම ජනතා ව්‍යාපාරය බිහි කිරමේදී කැඳවුම්කාර භූමිකාව ඉටු කරන ලද්දේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මුලිකත්වයෙන් එක් වූ වෘත්තිය සමිති, බහුජන සංවිධාන, විවිධ ක්ෂේත්රවල විද්වතුන් හා කලාකරුවන් විසිනි.
වර්තමාන ආණ්ඩුවේ අත්තොනෝමතිකභාවයට මෙන්ම වසර 74දී විවිධ පාලන තන්ත්‍රවලින් ජනතාවට ලබා දී ඇති විනාශය අවසන් කිරීමට ජන අරගල ව්‍යාපාරය සටන් වදින බව එහි ක්‍රියාකාරි කමිටුවේ සාමාජිකයන් ඊයේ පැවැත්වූ සමුළුවේදී ප්‍රකාශ කර සිටියහ.
ඉතිහාසයක් පුරා මෙරට පාලනය කළ ආණ්ඩුවල නියෝජනය වූ ප්‍රභූ බලය හා පාලක පන්තිය අනුගමනය කළ දේශපාලන ආර්ථික වැඩපිළිවෙළ විසින් මේ දක්වා ජනතාව විසින් මුහුණ දෙන සමාජ ආර්ථික දේශපාලන ගැටලුවලට වගකිව යුතු බව පවසා සිටි එම කථිකයෝ වහාම පාර්ලිමේන්තු බලයට අභියෝග කළ හැකි ජනතා බලයක් කැඳවීම හා එම බලය ක්‍රියාකාරි ලෙස පවත්වා ගෙන යමින් ජනතා අරමුණු ජයග්‍රහණය කරා ගෙන යාම ‘ජන අරගල ව්‍යාපාරයේ අරමුණ’ බව අවධාරනය කළහ.
මෙම සංවිධානයට වෘත්තී සමිති, බහුජන සංවිධාන, ගොවි, ධීවර, කාන්තා, තරුණ හා ශිෂ්‍ය සංවිධාන, පූජක ප්‍රජාව, සරසවි ආචාර්යවරුන්, කලාකරුවන්, වෘත්තීයවේදීන් සහ මාධ්‍යවේදීන් ඇතුළු සමාජයේ සියලුම අංශ නියෝජනය කරමින් විශාල පිරිසක් සම්බන්ධ වී සිටියහ.
ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරි කමිටුව වෙනුවෙන්, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්, දුමින්ද නාගමුව අදහස් දක්වමින් ජනතා ව්‍යාපාරයක් ලෙස ‘ජන අරගල ව්‍යාපාරය’ පළමුවැනි සමුළුව පවත්වන විට පදනම් කරගන්නා මූලික කරුණු ඉදිරිපත් කළේය.
ඔහු පැවසූ ආකාරයට ‘ජන අරගල ව්‍යාපාරය’ ගොඩනැගෙන්නේ මූලික කරුණු හයක් පදනම් කරගෙනය. එනම්
“අපි කියනවා, ආණ්ඩු මට්ටු කරන බලයක් දියවන්නාවෙන් එලියේ හදන්න ඕන. ඒක තමයි ජන අරගල ව්‍යාපාරයේ න්‍යාය පත්‍රය. අපි හෙටත් පෝලිම්වල ඉඳගෙන ආණ්ඩුවට දෙස් දෙවොල් තියනවද? දෙස් දෙවොල් තිය තිය හූල්ල හූල්ල හිටියොත් අපි පරාදයි. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු කම්කරුවන් වැටුප් සටනකට ලෑස්ති වෙන්න ඕන. ගොවීන්, ධීවරයන්, ස්වයං රැකියා කරන්නන් ඇතුළු සියලු දෙනා සහන ඉල්ලන්න ඕන. මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට විරුද්ධව සටන් කරන්න බලයක් ගොඩනගන්න ඕන. ඉන්දියාව, චීනය, ඇමරිකාව එක්ක අත්සන් කරන ආරක්ෂක ගිවිසුම්වල බලපෑම ඉදිරියට එනවා. ඒ නිසා ජනතාව සංවිධානය වෙන්න ඕන. මේ දිශාවට වැඩ කරන්න ඕන. මේ අරගලය තුළ තමයි ආණ්ඩුවේ ජනතා විරෝධී තීන්දු ආපස්සට හරවන්න, ජනතාව මත පීඩාකාරි මිල වැඩි කිරීම්, බදු, නීති සහ නියෝග පටවන ආණ්ඩුව මට්ටු කරන්න, පාලකයන් ගෙදර යවන්න විතරක් නෙවෙයි, ජනතාවගේ අරමුණු ඉටු කරගන්න සමත් පාලනයක් වෙනුවෙන් ජනතා බලය සංවිධානය කරන්න ‘ජන අරගල ව්‍යාපාරය’ තවතවත් ශක්තිමත් කරමු, ඒ වෙනුවෙන් ඒකරාශි වෙමු.”