தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීන්ට අලුත් වාහන ගෙන්වීමට තීරණය කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීන්ට අලුත් වාහන ගෙන්වීමට තීරණය කරයි



පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සඳහා ජීප් රථ 50 ක් ආනයනය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මහා භාණ්ඩාගාරය මෙම තීරණයට එළඹ තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ක්‍රියාත්මක කළා තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර ඇති බැවින් මෙම පියවර ගැනෙන බව පැවසේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ට මුදල් ගෙවීමේ පදනම මත ජිප්රථ ලබා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවනු ඇත .

මීට අමතරව, රජයේ හදිසි වාහන අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ගිලන්රථ 50ක් ,ඩබල් කැබ් රථ 50ක් සහ බවුසර් 50 ක් ද ඉහත පහසුකම් යටතේ ලබා ගැනීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ.