தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
පාර්ලිමේන්තුවේ විපක්ෂය වෙනුවට ජනතා විපක්ෂයක් ගොඩනැගිය යුතුයි - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තුවේ විපක්ෂය වෙනුවට ජනතා විපක්ෂයක් ගොඩනැගිය යුතුයි – පුබුදු ජයගොඩ



මන්ත්‍රී, ඇමති වැටුප් 215% කින් වැඩිකර, ජනතාවට කොකා පෙන්වන, විපක්ෂය වෙනුවට පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතා විපක්ෂයක් ගොඩනැගීමට පෙළගැසෙන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ 2018 අගෝස්තු 06 දින පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

ඔහ තවදුරටත් මෙසේ කියා සිටියේ…

“පසුගිය දවස්වල ආණ්ඩුව එන්ජින් ධාරිතාවය 1000ට අඩු වාහනවල බදු වැඩි කළා. ලක්ෂ දෙළහ හමාරක් දක්වා හාර ලක්ෂ විසි පන්දාහකින්
වැඩි කළා. සාමාන්‍ය පෙට්‍රල් වාහන ලක්ෂ 15 දක්වා තුන් ලක්ෂ හතලිස් පන්දාහකින් වැඩි කලා.
මෙලෙස වහන මිල වැඩිවෙන එකට මුදල් ඇමති මංගල සමරවීර කිව්වේ කරුණු දෙකක්. මංගල සමරවීර කියන විදියට එකක් තමයි විදේශ විනිමය වැයවීම. මෙහෙම රථවාහන ලංකාවට ගෙන ඒම නිසා විශාල විදේශ විනිමයක් වැයවෙනවා. එම විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා රථ වාහන ලංකාවට ගෙන ඒම නතර කරන්න ඕන කියලා. මෙතන තියෙන ප්‍රශ්නය තමයි මේ ආණ්ඩුව කරන ඔක්කොම වැඩවලින් විදේශ විනිමය වැය වෙනවා. එක උදාහරණයක් තමයි පසුගිය දවස්වල සිංගප්පූරුව එක්ක අත්සන් කළ වෙළඳ ගිවිසුම නිසා වසරකට ඩොලර් මිලියන 10ක මුදලක් අහිමි වෙනවා. පසුගිය දවස්වල ඇමතිවරුන්ට අගමැතිවරයාට වහන ගෙන්වීම සඳහා විශාල විදේශ විනිමයක් වැය කෙරුවා. මෙම තීරණය ගනිද්දි විදේශ විනිමය ගැන ප්‍රශ්නයක් තිබුණේ නෑ. ආණ්ඩුවට මේ සාමාන්‍ය මිනිස්සු ණය වෙලා මෝටර් රථයක් ගන්න වෙලාවක තමයි විදේශ විනමය ප්‍රශ්නය එන්නේ.

දෙවන කරුණ තමයි මාර්ග තදබදය. මෙතන තියෙන ප්‍රශ්නය තමයි මාර්ග තදබදය නිසා පුද්ගලික වාහන නතර කරන්න ඕන කියලා තීරණය ගන්න එක. ඒ තීරණය උඩ ඉඳලා ආදර්ශයෙන් පෙන්නන්න ඕන. දැන් මංගල සමරවීරට වාහන කීයක් තියෙනවාද? එයා පාරේ යද්දි වාහන කීයක් යනවද? ඇමැතිවරු මන්ත්‍රීවරු වහන කීයක් එක්කද පාරෙ යන්නේ? එතැනින් ප්‍රශ්න ගන්නෙ නැතුව, ඉහළින් ආදර්ශය සපයන්නේ නැතුව, මෙහෙම කියලා මේ ආණ්ඩුවේ වෙන උවමනාවන් ඉෂ්ට කරගන්න හදන්නේ. දැන් බලන්න ඕන ප්‍රශ්නය ඇතිවුනේ කොහොමද කියලා. පොදු ප්‍රවාහන සේවය බරපතළ ලෙස වට්ටලා. විශේෂයෙන්ම බස් රථ සේවාව දුම්රිය සේවාව ඉතා නරක ලෙස වැටිලා. බස් දුවන්නේ ලාභ තියන මාර්ගවල ලාභ තියන වෙලාවල්වලට විතරයි. ආරංචි විදියට මධ්‍යම පළාතේ විතරක් මාර්ග 56ක බස් ධාවනය වෙන්නේ නෑ. අනිත් පැත්තෙන් පොදු ප්‍රවාහනය සඳහා වෙන්කරන වියදම අවුරුද්දෙන් අවුරුද්ද කපනවා. 2015 දී රුපියල් බිලියන 75ක් වෙන්කරලා 2017 ඒක රුපියල් බිලියන 55 දක්වා අඩුකළා. එ්ක 2018 වෙනකොට රුපියල් බිලියන 43 දක්වා අඩුකරලා. මේ විදිහට පොදු ප්‍රවාහනයට යොදවන වියදම කප්පාදු කළාට පස්සෙ ජනතාව විසින් හදාගන්න උත්තරය තමයි තමන්ට ණය වෙලා කොහොම හරි පොඩි වාහනයක් ගන්න එක. එහෙම අමාරුවෙන් ජනතාව විසින් හදාගත්තු උත්තරෙත් නැති කරනවා. මංගල සමරවීරගේ කතාවෙන් තේරෙන්නේ මේ හදන්නේ සුඛෝපභෝගී වාහනවලට මාර්ගවල ඒකාධිකාරය හදලා පුංචි වහන පාරවල්වලින් අයින් කරන්න.

දැනටමත් පදිකයන් සදහා තියෙන ප්‍රතිපත්තිය මොකක්ද? මෝටර් සයිකල් ධාවනය කරන අය සඳහා කිසිදු පහසුකමක්, ප්‍රතිපත්තියක් නෑ. මේක හරි පැහැදිලියි මේ ආණ්ඩු, ධනපති පක්ෂපාති ආණ්ඩු. ඒ නිසානෙ අධිසුඛෝපභෝගි වහනවලට බදු ගහන්නේ නැතිව සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන පුංචි පුංචි වහනවලට බදු ගහලා ඉහළ දමන්නේ.

තවදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ කියා සිටියේ මේ ප්‍රශ්න ටික මෙහෙම තියෙද්දී දැන් ආණ්ඩුව අලුත් රන්ඩුවක් පටන් අරගෙන. මේ රටේ පාලකයෝ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න එකක් ගැනවත් කතා නොකර ඊනියා විපක්ෂනායක ගැන ලොකුවට සංවාදයක් අරගෙන තියෙනවා. මහින්ද අමරවීර කියලා තියෙනවා විපක්ෂනායක ගැන ශ්‍රීලනිප යෝජනාව හෙට කතානායකට භාර දෙනවා කියලා. විපක්ෂ නායක සම්බන්ධන්ද? කුමාර වෙල්ගමද? දිනේෂ් ගුණවර්ධනද? පාර්ලිමේන්තුවේ මැති ඇමති වැටුප් වැඩි වෙන වෙලාවේ මේ අය කොහෙද හිටියේ?

මන්ත්‍රී වැටුප රුපියල් 54,285 සිට 120,000 දක්වාත් නියෝජ්‍ය ඇමැතිවරයකුගේ වැටුප රුපියල් 63,500 සිට 135,000 දක්වාත් රාජ්‍ය ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් 65,000 සිට 140,000 දක්වා වැඩිවුණා. දළ වශයෙන් ගත්තම 215% කින් මැතිඇමතිවරුන්ගේ වැටුප් වැඩි වෙලා තියෙනවා. රාජ්‍ය සේවක, පුද්ගලික සේවක වැටුප්වලට මොකද වෙලා තියෙන්නේ? පහුගිය ජූලි 17 තිබුණු පක්ෂ නායක රැස්වීමේදි ඒකමතික තීරණයක් ලෙස තමයි මේ වැටුප් වැඩිවීම සම්මත කරලා තියෙන්නේ. විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, විපක්ෂනායක වෙන්න ඕන කියලා කෑගහන දිනේෂ් ගුණවර්ධන, මෙ කවුරුවත් මේ යෝජනාවට විරුද්ධ වෙලා නෑ.

මේ මන්ත්‍රී වැටුප් වැඩිවීම නිසා වාර්ෂිකව කෝටි 445ක් අමතරව වැය වෙනවා. මේ මුදල වැය වෙන්නේ කරාපිටිය රෝහලේ වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරගන්න සල්ලි වෙන් කරන්න බැරුව හෘද සැත්කම් ඒකකය වහලා දාපු මොහොතක. මෙහෙම වෙද්දි කටවහගෙන ඉන්න විපක්ෂයක්, දැන් කෑගහනවා කවුද විපක්ෂනායක වෙන්න ඕන කියලා.
කවුරු විපක්ෂනායක උනත් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හම්බෙන්නෙ නෑ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදියට අපි කියනවා, මේ ප්‍රශ්නවලට උත්තර තියෙන්නේ විපක්ෂ නායක කවුද වෙන්නෙ කියන එක මත නෙවෙයි. අපි ඉස්සරහා තියෙන ප්‍රශ්නවලට උත්තර හදන්න සැබෑ ජනතා විපක්ෂයක් හදන්නේ කොහොමද? පාර්ලිමේන්තුවේ විපක්ෂය කියන ආසනවල වාඩිවෙලා ඉන්න අය ජනතාවට විරුද්ධව ආණ්ඩුව ගේන සියලු ප්‍රතිපත්තියට එකඟව අත උස්සනවා. අන්තිම සිදුවීම තමයි පසුගිය දවස්වල සම්මත කරපු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ සංශෝධන පනත. මේ පනත ඒකමතිකව සම්මත වුණා. විපක්ෂයේ කිසිදු කෙනෙක් ඒකට විරුද්ධ වුණේ නෑ. ඒ නිසා මෙවැනි පාර්ලිමේන්තු විපක්ෂයකින් ජනතාවගේ ඇත්ත ප්‍රශ්නවලට උත්තර හම්බෙන්නෑ. ඇත්ත ප්‍රශ්නවලට උත්තර හම්බෙන්න, පාර්ලිමේන්තුවෙන් එළියේ කොහොමද විපක්ෂයක් හදන්නෙ කියලා අපි කල්පනා කරන්න ඕන. ඒ ඇරෙන්න වෙන උත්තරයක් අපිට නෑ. ඒ සඳහා පෙළ ගැහෙන්න කියලා අපි යෝජනා කරනවා.”




Related News