Posted on 05.21.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මාර්තු 2 පාර්ලිමේන්තුව විසුරුවාහැර මාස තුනක් ගෙවීයන විට නව පාර්ලිමේන්තුවක් නොකැඳවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් අද (21) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
මාර්තු මස 02වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන්නට නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය පෙත්සම් මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.
මෙම පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ 08වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු 09වන පාර්ලිමේන්තුව තෝරාපත් කිරීමේ මහමැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කළ බවත් ඒ් නිසා පාර්ලිමේන්තු ව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනකට පසු පාඑර්ලිමේන්තුව කැඳවීමට නොහැකිවන පරිදි ගෙන ඇති මැතිවරණ කොමිසමේ තීරණය නීතිවිරෝධී බව පෙත්සම්කරු කියයි.
ඒසේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යාමට පෙර නව පාර්ලිමේන්තු ව කැඳවනු ලැබීමට නොහැකිවීම සහ පැරණි පාර්ලිමේන්තු ව හෝ නොකැඳවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවද පෙත්සම් කරු කියයි .
එබැවින් මෙම ක්‍රියාවලිය තුලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීරණය කර 08 වන පාර්ලිමේන්තුව ජූනි මස 03 වැනිදා සිට යළිත් බල පවත්වන බවට ප්‍රකාශයක් කරන ලෙස ද පෙත්සම මගින් ඉල්ලා ඇත.