தமிழ்
English
Contact
Sunday 26th May 2019    
පාර්ලිමේන්තුව තවමත් නොණ්ඩියෙන් - තීරණාත්මක ප්‍රශ්නවලට ආණ්ඩුවට විසදුම් නෑ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තුව තවමත් නොණ්ඩියෙන් – තීරණාත්මක ප්‍රශ්නවලට ආණ්ඩුවට විසදුම් නෑ!



ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් බොහො පාර්ශ්ව පසුගිය දින 50 ආණ්ඩුව සමයේ පෙනී සිටියද එයින් පසුව අධිකරණ තීන්දුවෙන් නැවත බලය තහවුරු කරගත් රනිල් වික්‍රමසිංහ ඇතුලු ආණ්ඩුව තවමත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිය සුජාතභාවය නිරූපණය කිරීමට අසමත්ව ඇත.

ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා දියත් කළ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයෙන් ඇද වැටී පසුව අධිකරණ නියෝග පිහිටෙන් බලය ආරක්ෂා කරගත්තද මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්ථාවර පාලනයක් පවත්වාගෙන යාමේ හැකියාවක් එක්සත් ජාතික පක්ෂයට හෝ ඔවුන් විසින් හදුන්වා ගන්නා එක්සත් ජාතික පෙරමුණට නැති බවට කරුනු ගණනාවකින් සනාථ වේ.

එක් පැත්තකින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකාය සම්බන්ධ වියවුලට පිළිතුරක් නැත. තම අගමැතිධුරය සම්බන්ධ කරුණට අදාළ නියෝග ලබාගැනීමට අධිකරණය හමුවට ගියද විපක්ෂ නායක ධුරය සම්බන්ධ ගැටලුව නිරාකරණය කරගැනීමේදී අදිකරණය හමුවට යාමේ උනන්දුවක්ද රනිල් වික්‍රමසිංහ පාලනයට නැත. එපමණක්ද නොව, පාර්ලිමේන්තු කටයුතු විධිමත් ලෙස පවත්වාගෙන යාමේදී අත්‍යවශ්‍ය ව්‍යුහයන් ලෙස ස්ථාවර කාරක සභා පිහිටුවීමටද සමත්කමක් ආණ්ඩුව යැයි කියාගන්නා එක්සත් ජාතික පක්ෂය පෙන්වා නැත. ජනාධිපතිවරයා විසින් ඔක්තෝබර් 26 වැනිදා පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් පසු පාර්ලිමේන්තු ස්ථාවර කමිටු සියල්ලගේ බල රහිත වී ඇති බැවින් ඒවා නැවත ස්ථාපිත කළයුතුය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සභාවාරයක් අලුතින් පටන් ගන්නා විට මෙම ස්ථාවර කාරක සභා අලුතින් නම්කර සම්මත කරගත යුතුව ඇත. කථානායකවරයා මේ සම්බන්ධව කිහිප වරක්ම ආණ්ඩු පක්ෂයට දැනුම්දීම් කළද එම කාරක සභා ක්‍රියාදාමය කිසිදු පියවරකින් ඉදිරිට ගොස් නැත. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පෙත්සම් කාරක සභාව ඇතුළු ස්ථාවර කමිටු නැවත පත්කිරීමට ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් මේ වනවිටද කතානායකවරයා නම් ඉල්ලා ඇත.