தமிழ்
English
Contact
Monday 10th December 2018    
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ මැතිවරණ කොමිසමට කැදවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ මැතිවරණ කොමිසමට කැදවයි!



පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ලේකම්වරු අද(11) සාකච්චාවකට කැදවා පළාත් සභා මැතිවරණය කල්යාම වැලැක්වීමට පියවරක් පාර්ලිමෙන්තුව හරහා ගන්නා ලෙස ඉල්ලා සිටීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
මෙහිදී පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යෑමට එම පක්ෂවල ඇති වගකීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ විරෝධය දේශපාලන පක්ෂ ලේකම්වරුන් වෙත දැනුම්දෙනු ඇතියි අපේක්ෂිතය.
මේ වනවිට උතුරුමැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර යන පළාත් සභා පහ කාලය අවසන්ව විසිරී ඇති අතර එ්වායේ පාලනය ආණ්ඩුකාරවරුන් වෙත පැවැරී තිබේ. එසේම උතුරු පළාත් සභාවේ නිල කාලය මේ මස 25 වැනි දින නිමවීමට නියමිත අතර දකුණ සහ බස්නාහිර පළාත් සභාවල නිල කාලය 2019 වසරේ අප්‍රේල් මාසයේදී නිම වීමට නියමිතය. ඌව පළාත් සභාවේ නිල කාලය 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී නිමවීමට නියමිතය.