தமிழ்
English
Contact
Friday 29th May 2020    
පාර්ලිමේන්තුව විසුරුවීම හා මහමැතිවරණය කැඳවීම බලරහිත කරන්න! - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තුව විසුරුවීම හා මහමැතිවරණය කැඳවීම බලරහිත කරන්න! – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක්



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් මැතිවරණ කොමිසම විසින් මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමටත් ගෙන ඇති තීරණ බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මන්ත්‍රිවරුන්වන පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබූහ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මාස 3ක් ඇතුළත නව පාර්ලිමේන්තුව කැඳවීම ව්‍යවස්ථාමය අවශ්‍යතාවක් බව දක්වමින් එය සම්පූර්ණ කළ නොහැති තත්වයක් යටතේ විසුරුවාහැරි පාර්ලිමේන්තුව කැඳවීම නොකිරීමෙන් තම අයිතිවාසිකම් උල්ලංඝනයවන බව එහි කරුනු දක්වා ඇත.
පසුගිය පාර්ලිමේන්තුව අගෝස්තු මස දක්වා බලාත්මකව තිබියදී කොරෝනා වසංගත තත්වය යටතේ මහමැතිවරණය කැඳවීමේ පසුබිමක් නොමැතිව තිබියදී සහ තවදුරටත් වසංගත තත්වය හමුවේ මහමැතිවරණයක් කැඳවීම ජනතාව අවදානමකට පත් කිරීමක් වනබවද එහි දක්වා ඇත. මහමැතිවරණය කැඳවීමට අවශ්‍ය තරම් සාමාන්‍ය පරිසරයක් ඇතිවනතුරු රටේ කටයුතු පවත්වාගෙන යාමේ අරමුණින් විසුරුවා හැරි පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ අවශ්‍යතාවක් ඇත. මේ නිසා පාර්ලිමේන්තුව විසුරුවන්නට ජනාධිපතිවරයා මාර්තු 2 නිකුත් කළ නියෝගය සහ මහමැතිවරණය ජූනි 20 පවත්වන්නට මැතිවරණ කොමිසම විසින් අප්‍රේල් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස එම ඉල්ලීමෙන් කරුණු දක්වා ඇත.
ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා,  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයන් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් මෙන්ම නීතිපතිවරයාද එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.