Posted on 01.28.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පාර්ලිමේන්තුවේ කටයුතුවලට සම්බන්ධ පොදු ව්‍යාපාර කාරක සභාව සහ රාජ්‍ය ගිනුම් කාරක සභාව සඳහා පත්කිරීම් ලබන සතිය දක්වා ප්‍රමාද වනු ඇත.
වත්මන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ සහභාගිත්වයෙන් සිදුකරනු ලබන පාර්ලිමේන්තු කටයුතු අතර ප්‍රධාන තැනක් ගන්නා මෙම පොදු කාරක සභා/ කමිටු වෙනුවෙන් නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් පෙබරවාරි 5 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී නිවේදනය කෙරෙනු ඇත. ගෝඨාභය රාජපක්ෂ නොවැම්බර් 17 වැනිදා ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව පාර්ලිමේන්තුව කල්තැබීම නිසා මෙම කාරක සභා පත් කිරීම හා ඒ්වායේ කටයුතු අත්හිටුවන ලදී. විශේෂයෙන්ම කෝප් කමිටුවේ විමර්ශන අත්හිටුවන ලදී. මේ අතර ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පවසා ඇත්තේ මැයි මාසයට පෙර මහමැතිවරණය පැවැත්වෙන බැවින් මෙම කෙටි කාලසීමාවක් තුළ ඒම කමිටු පත් කළ යුතු නැති බවය. ඒහෙත් පාර්ලිමේන්තුව කල්තැබීමෙන් අත්හිටුව ලද මෙම කාරක සභා විවිධ ෙහේතු පෙන්වමින් තවදුරටත් පත් නොකර සිටීම වංචනික අරමුණින් සහ දූසිතයන් ආරක්ෂා කිරීමේ දේශපාලන වාසි වෙනුවෙන් සිදුකරන්නක් බව පෙනී යන කරුණකි.