தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
පාර්ලිමේන්තු ගියත් සද්දයක් නැති 10 දෙනෙක් නම් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තු ගියත් සද්දයක් නැති 10 දෙනෙක් නම් කරයි



මහජන ඡන්දයෙන් පත් කරනු ලැබූ හා ජාතික ලැයිස්තුවෙන් නම් කළ මන්ත්‍රීවරු අතර පාර්ලිමේන්තුවේ කටයුතුවලට අඩුම දායකත්වයක් දුන් මන්ත්‍රීවරු 10 දෙනා ‘වෙරිටේ’ පර්යේෂණ ආයතනය විසින් නම්කර ඇත.

ආයතනය විසින් පවත්වාගෙන යන manthri.lk විසින් මේ වනවිට වසරක් ගෙවී ඇති 9 වැනි පාර්ලිමේන්තුවේ අක්‍රිය නියෝජිතයන් මේ ආකාරයෙන් නම් කිරීම සිදුව ඇත.

හෙළිදරව් කිරීමට අනුව, ඔවුන් 10 අතුරින් මන්ත්‍රිවරු 5ක් පාර්ලිමේතුවේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ය. එසේම මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සමගි ජන බලවේගයේ ජනතා නියෝජිතයන්ය. එසේම අනෙක් තිදෙනා මුස්ලිම් ජාතික සන්ධානය, ඉලංකෙයි තමිල් අරසු කච්චි හා ඊලාම් ජනතා ප්‍රජාතාන්ත්‍රවාදි පක්ෂයට අයත් වෙති.

වසංගත තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු සැසිවාරය නොපැවැතියත් පසුගිය ජූලි මාසය ‌වන විට පාර්ලිමේන්තු සැසිවාර 86ක් පවත්වා තිබේ. නමුත් මෙම මන්ත්‍රිවරු වාර 10කට අඩු සහභාගි වූවන් බව manthri.lk වෙබ් අඩවිය පෙන්වා දෙයි.