தமிழ்
English
Contact
Tuesday 21st January 2020    
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීමට නාම යෝජනා කැඳවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීමට නාම යෝජනා කැඳවයි



අට වැනි පාර්ලිමේනතුවේ සිව්වැනි සැසිවාරයට අදාළ “තේරිම් කාරක සභාව’’ පත්කිරීම සදහා නාම යෝජනා කැදවීමට ඊයේ (13) රැස්වු පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හා දේශපාලන පක්ෂ නියෝජිත රැස්වීමේදී තීරණය වී තිබේ.

මේ අනුව පක්ෂ විපක්ෂ නියෝජිතයන්ට අදාළ නාම යෝජනා ලබන බ්‍රහස්පතින්දා(16) ප.ව 3.00ට පෙර පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලබා දෙන ලෙස කථානායකවරයා දැනුම් දී තිබේ.

ඊට අදාළ යෝජනාව ලබන 21 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට ද නියමිතය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114 අනුව සෑම සභා වාරයක් ආරම්භයේදී ම “තේරීම් කාරක සභාවක්’’ යනුවෙන් හැදින්වෙන කාරක සභාවක් පත් කළ යුතු අතර එමගින් අනෙකුත් කාරක සභාවල සේවය සදහා මන්ත්‍රීවරුන් නම් කිරීම ඇතුළු අදාල අනෙකුත් කටයුතු තීරණය කිරීම සිදුවේ.

මෙම තේරීම් කාරක සභාව කථානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් එක් එක් සභා වාරය ආරම්භයේදී නම් කළ යුතු සාමාජික මන්ත්‍රීවරයන් දොළොස් දෙනෙකුගෙන් සමන්විතව පත් කරනු ලැබේ.