தமிழ்
English
Contact
Tuesday 24th November 2020    
පාර්ලිමේන්තු බස් රිය දියවන්නාවට ඇද වැටේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තු බස් රිය දියවන්නාවට ඇද වැටේ!



පාර්ලිමේන්තු සේවකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබුනු ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් වර්ෂාධික කාලගුණය නිසා අනතුරට පත්ව දියවන්නාවට ඇද වැටී ඇත.

පාර්ලිමේන්තු කාර්ය මන්ඩලයේ 30 දෙනකු පමණ නිවෙස් බලා ගමන් ගනිද්දී ඇති වූ මෙම හදිසි අනතුරෙන් සුළු තුවාල මිස කිසිවකුට හානියක් නැති බවද නිල නොවන වාර්තා සඳහන් කරයි.

අයවැය විවාදය නිසා රාත්‍රි කාලය දක්වා සේවයකරන මෙම කාර්ය මණ්ඩලයේ පිරිස සන්ධ්‍යාවේ ඇද හැළුණු වැසි කුණාටුව හේතුවෙන් රියදුරාට පාලනය කරගන්නට නොහැකි වන්නට ඇතැයි අනුමාන කෙරේ.