தமிழ்
English
Contact
Sunday 15th December 2019    
පාර්ලිමේන්තු වාර අවසාන කිරීමෙන් බැඳුම්කර හොරු නිදහසේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තු වාර අවසාන කිරීමෙන් බැඳුම්කර හොරු නිදහසේ!



මහබැංකු බැඳුම්කර හොරුන් පිළිබඳ කෝප් වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබියදී පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව නිසා මහබැංකු බැඳුම්කර මගඩියේ වැරදිකරුවන් ඉක්මනින් අධිකරණය හමුවට ගෙන ඒමේ වෑයම ව්‍යාර්ථ විය.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් කෝප් කමිටුවත්, වාර්තාවත් අහෝසි වන අතර එම කමිටු නව පාර්ලිමේන්තු සැසිවාරයේදී නැවත පත්කර එම ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට සිදුවේ. මේ වනවිට විපක්ෂ නායකධුරය සම්බන්ධයෙන් මතබේදයක සිටින එක්සත් ජාතික පක්ෂයද ජනාධිපතිවරණයේ අනපේක්ෂිත ප්‍රතිපලයෙන් අධෛර්යයට පත්ව සිටින ජනාත විමුක්ති පෙරමුණද ආණ්ඩුවේ තීරනාත්මක මැදිහත්වීම් වෙත අභියෝග කිරීමෙන් වැළකී නිහඬව සිටින ස්වරූපයක් දක්නට ලැබේ.
මේ ආකාරයට පසුගිය වසර ගණනාවක් ආණ්ඩු පක්ෂය විසින් ගෙන ගිය ක්‍රමවේදය එනම්, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බලය කලමනාකරණය කරමින් එසේත් නැතිනම් විපක්ෂනායක ධුරය තමන් කැමති නායකයන්ට ලබා දෙමින් වරප්‍රසාද හා කුමන්ත්‍රණකාරී පියවර හරහා බලක්‍රීඩාවක යෙදීම යළිත් සිදුවෙමින් පවතී.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ වේදිකාවේ අදහස් පළ කළ සදාචාර දේශපාලනය, නීතියේ ආධිපත්‍ය හෝ විනය යනු ප්‍රලාපයක්ම බව ප්‍රදර්ශණය කරමින් ජනතාව අපේක්ෂා කළ අවම යුක්තිය ඉටු කිරීමද පසුපසට දමා ඇත. මහබැංකු බැඳුම්කර වාර්තාව සම්බන්ධ තීරණ ගැනීම වලක්වා රනිල් වික්‍රමසිංහගේ එ.ජා.ප. චූදිතයන් ආරක්ෂා කරන ආකාරයට පාර්ලිමේන්තු සැසිය අවසන් කිරිම දක්නට ලැබේ.
මේ අනුව, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ යන ලේබලයට මුවා වී මාධ්‍ ආධිපත්ය‍ය සහ ධනය ආයෝජනය කරමින් හරහා ප්‍රචාරණය හරහා ගොඩනගන ව්‍යාජ බහුතර බලයෙන් ආණ්ඩුව පමණක් නොව විපක්ෂයද සිය පාලනය යටතට ගන්නා, ආණ්ඩුව හා විපක්ෂය අවබෝධාත්මකව වැඩ කරන සිංගප්පූරු මොඩලය සම්බන්ධ ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රකාහ කළ ආකාරයට සර්වාධිකාර බලයක් සඳහා ආරම්භක පියවර තබා තිබේ.