தமிழ்
English
Contact
Sunday 15th December 2019    
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ සැලැස්මක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ සැලැස්මක්!



පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කර නව සැසියක් කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හා අගමැති මහින්ද රාජපක්ෂගේ අවධානය යොමුව ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සාමාන්‍යෙයන් පාර්ලිමේන්තු මහමැතිවරණයක් අවසානයේ මන්ත්‍රිවරු අලුතින් පත්වී නව අගමැතිවරයෙක් ඇතුලු නව නිල යන්ත්‍රයක් තුළ එය නව සැසිවාරයක් බවට පත් වේ. එහෙත් ජනාධිපතිවරණයෙන් පසුව අගමැතිවරයා ඉල්ලා අස්වී නව අගමැතිවරයකු ඇතුලු නව නිල යාන්ත්‍රණයක් ඇතිව තිබෙන තත්වය යටතේ අලුත් සැසිවාරයක් ආරම්භ කළ හැකිය යන තර්කය ආණ්ඩු පක්ෂයේ අවදානයට ලක්ව තිබේ. කෙසේවෙතත් මාර්තු මාසයේ පාර්ලිමේන්තු නිල කාලය අවසන්වන බැවින් මහමැතිවරණයක් පවත්වා නව සැසිවාරයක් කැඳවීමේ හැකියාව පවතින බවටද තරක් මතුව තිබේ.

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමේදී ඒ බව ප්‍රසිද්ධියට පත්කරන ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කරන අතර, ඒ අනුව, මීළඟ සැසිවාරය ආරම්භ කරන දිනය සහ වේලාව ඇතුළත් නව ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරේ. පවතින තත්වය යටතේ එවැනි ගැසට් නිවේදනයක්  ඕනෑම වේලාවක නිකුත් කිරීමට ජනාධිපතිවරයාට බලය පවතින බව දේශපාලන අංශවල මතයයි.

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කර යළි පාර්ලිමේන්තුව කැඳවීමේදී විශේෂිත උත්සවයක් පැවැත්වෙන අතර, එහිදී සාම්ප්‍රදායික රාජාසන කතාව සිදුකිරීමට ද ජනාධිපතිවරයාට අවස්ථාව පවතිනවා. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පාර්ලිමේන්තුව වාර අවසන් කළ අවස්ථා 43 ක් පවතින අතර අවසන් වරට පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමක් සිදුකළේ වත්මන් අගමැති මහින්ද රාජපක්ස නීති විරෝධී ආකාරයට අගමැති ලෙස නම්කරමින් අපකීර්තිමත් ඔක්තෝබර් කුමන්ත්‍රණය සිදුකළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි.




Related News