தமிழ்
English
Contact
Sunday 15th December 2019    
පාර්ලිමේන්තු සැසිවාරය අවසන් - නව සැසිවාරය ජනවාරි 3 | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් – නව සැසිවාරය ජනවාරි 3



පාර්ලිමේන්තු සැසිවාරය අද(2) මධ්‍යම රාත්‍රීයේ අවසන් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරණු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (01) වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය. ජනාධිපතිවරයා කලින් කළ ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය යනුවෙන් ඒ වගන්තියේ සඳහන් වෙයි.

දැනට සභාගතකර ඇති බැඳුම්කර වංචාවට අදාළ වාර්තාව යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකළ යුතුවන අතර ඊට අදාළ පියවර ගැනීම එයින් ප්‍රමාද කෙරේ. එසේම පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මකවන කමිටු විස්සක් පමණ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ අහෝසි වී යනු ඇත. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කළ පසුව ඒ කමිටුවලට අලුතින් සාමාජිකයන් පත්කළ යුතුය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කරමින් පර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරී 3 වැනිදාය.