தமிழ்
English
Contact
Friday 16th April 2021    
පාලකයන්ගේ සංදර්ශනයක් සඳහා වෙසක් උත්සවය යාපනයට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාලකයන්ගේ සංදර්ශනයක් සඳහා වෙසක් උත්සවය යාපනයට!



ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් මෙරට ජනතාවට උදා කර දී ඇති මර්දනකාරි මිලිටරිවාදී පාලනය තවදුරටත් ජනතාව අතර සංහිඳියාවට නොව සංහිඳියාවට බාධාකාරී පියවර ගන්නා බව සනාථ වෙමින් තිබේ.
මේ බව සනාථ වන්නේ මෙවර වෙසක් උතසවය යාපනයේ නාගදීප විහාරය වෙත ගෙන යාමට කෙරෙන යෝජනා හේතුවෙනි.

සිංහල බෞද්ධ ජනතාව දේශපාලන බලයක් ලෙස භාවිත කරමින් තමිල් හා මුස්ලිම් ජනයා මත ආධිපත්‍යයක් පිහිටුවන්නටත් ඒ හරහා යළි සිංහල ජනයාගේ පක්ෂපාතිත්වය පවත්වාගෙන යන්නටත් ගෝඨාභය-මහින්ද පාලනය කටයුතු කරමින් සිටී. බුද්ධ ශාස න ඇමතිවරයාද වන අගමැති මහින්ද රාජපක්ෂ විසින් මෙවර උතුරු හා නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් යාපනයේ නාගදීපා රාජා මහා විහාරයේ දී මේ වසරේ රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන ලෙස බලධාරීන්ට උපදෙස් දී තිබේ. වෙනත් ආගම්වල අය සමඟ ඒකාබද්ධව රාජ්‍ය වෙසක් උළෙල සංවිධානය කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව සිදුවනු ඇත්තේ බුද්ධ සාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු මෙම උත්සවය සංවිධානය කිරීමේ කටයුතුවලට සිය වැය ශීර්ෂයන් එකතු කිරීමය. අනෙක් අතට තමිල් හා මුස්ලිම් ජනයා බලහත්කාරයෙන් බෞද්ධ කොඩි ලෙළ දෙන රාජපක්ෂවරුන්ගේ දේශපාලන බලය තහවුරු කිරීමේ මාධ්‍ය සංදර්ශනයකට ඒකරාශි කරන්නට උථ්සාහයක් දැරෙනු ඇත.

අගමැතිවරයා පෙබරවාරි 25 වැනිදා සවස අරලියගහ මන්දිරයට පැමිණි භික්ෂුන් පිරිසක් හමුවේ අදාළ බලධාරීන්ට මෙම උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. බුද්ධසාශන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65 ක් සහ ධම්ම පාසල් 35 ක් සහභාගී කර ගනිමින් මේ වසරේ රාජ්‍ය වෙසක් උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ වනවිට පොදුවේ රටේම පීඩිත ජනයා මුහුණ දෙන ආර්ථික ගැටලුවලට අමතරව උතුර හා නැගෙනහිර ජනයාට බලපා ඇති ප්‍රධාන ගැටලු ලෙස, යුද්ධය අවසන්ව වසර 11ක් ගෙවී ඇතත් අතුරුදන්වූවන් සම්බන්ධ යුක්තිය ඉටු නොවීම, හමුදාව අත්පත් කරගත් ඉඩම් නැවත නොලැබීම, රාජ්‍ය මර්දනයෙන් දිවි ගෙවනන්ට හා විවිධ අඩත්තේට්ටම්වලට මුහුණ දීමට සිදු වීම දැක්විය හැකිය. කෙසේවෙතත් මේ සියලු පීඩා මැද සංස්කෘතික බලහත්කාරයක් එකී ජනයා මත පටවමින් විහාරස්ථාන ඉදි කිරීම හා භික්ෂුන් පදිංචි කිරීම ආදිය පසුගිය කාලයේ අසන්නට ලැබුණු පුවත්ය.

විශේෂයෙන් තමිල් ජනයාගේ විරෝධතා මර්දනය හා මාධ්‍යවේදීන් නිහඬ කිරීමට ක්‍රම භාවිත කිරීම සම්බන්ධ සිදුවීම් අසන්නට ලැබිණි. ඒ අනුව, වෙසක් උථ්සවයක් පවත්වා ජනතාව සතුටු කිරීම නොව ලෝකය හමුවේ බොරු සංහිඳියාවක් මැවීමටවත් ආණ්ඩුවට හැකියාවක් නොලැබෙන බව සත්‍යයකි.