Posted on 02.18.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ සියලුම පාසල් උත්සව අත්හිටවූ දිනයේම ජනාධිපතිවරයා ගම්පොළ ප්‍රදේශයේ පාසලක පැල ඉටුවීමේ උත්සවයට සහභාගී වී ඇතැයි වාර්තා වේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත්තේ “කැකුළු තුරු උදානය” ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 15 සඳුදා පෙරවරුවේ ගම්පොළ අටබාගේ විමලධර්ම ජාතික පාසල් භූමියේදී පැවැත්වූ බවයි.
පෙබරවාරි 15 සදුදා අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරු, කොට්ඨාස අධ්යක්ෂවරු, පරිවේණාධිපතිවරු සහ විදුහල්පතිවරුන්ට ලිඛිතව දැනුම් දී තිබුනේ කෝවිඩ් 19 වසංගත තත්වය තුළ නැවත දැනුම් දෙන තුරු පාසල්වල උත්සව පැවැත්වීම අත්හිටුවන බවයි.
එම චක්‍රලේඛය නිකුත් කර තිබුනේ පෙබරවාරි 12 දින මහනුවර කෙංගල්ල මහා විද්‍යාලයේ දරුවන් සිව්දෙනෙකුට සහ ගුරුවරියකට කෝවිඩ් 19 ආසාදනය වී තිබියදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් නිරෝධායන පිළිවෙත් ද උල්ලංඝණය කරමින් පාසල් සිසුන් ද සහභාගි කරවාගෙන උත්සවයක් පැවැත්වීමෙන් අනතුරුවය. ගුරු සංගම් මෙයට විරෝධය දැක්වීමත් සමඟ අධ්‍යාපන ලේකම්වරයා පාසල්වල උත්සව තහනම් කරමින් චක්‍රලේඛය නිකුත් කර තිබුණි.
නමුත් එඉදිනං ජනාධිපතිවරයා සහ මැති ඇමතිවරු දරුවන් සමග එක්ව පෙබරවාරි 15 සදුදා දිනයේ පැළ රෝපණය කරමින් “කැකුළු තුරු උදානය” වැඩසටහන ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් නිවේදනය කර තිබේ.
සංකේතාත්මකව දරුවන් අතර පැළ බෙදා දීම ද සිදු කර ඇත්තේ ද ජනාධිපතිවරයා අතිනි.