தமிழ்
English
Contact
Saturday 19th June 2021    
පාසල් තවදුරටත් වසා තැබීමට තීරණය කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාසල් තවදුරටත් වසා තැබීමට තීරණය කරයි



දිවයිනේ සියලු පාසල් මැයි හත් වැනි දා දක්වා තව දුරටත් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි.

කොරෝනා වයිරසය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය කර ඇත.

සෞඛ්‍ය බලධාරීන් සමග අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා පවසා තිබේ.

ඒ අනවු රජයේ පාසල්,කතෝලික පාසල්, පෞද්ගලික පන්ති, පිරිවෙන් ඇතුළු අධ්‍යාපන ආයතන මෙසේ වසා තැබෙනු ඇති.

කෝවිඩ් -19 වයිරසය රටපුරා ව්‍යාප්තවීම හේතුවෙන් සියලුම පාසල් අප්‍රේල් 30 දක්වා වසා තැබීමට මීට පෙර තීරණය කර තිබුණි. රටේ පවතින තත්ත්වය තව දුරටත් සැලකිල්ලට ගත් අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන බලධාරින් හා සෞඛ්‍ය අංශ එක්ව සිදු කළ සාකච්ඡාවකින් පසු ලබන සතියත් පාසල් වසා තැබීමට තීරණය කර තිබේ.