தமிழ்
English
Contact
Tuesday 29th November 2022    
පාසල් විවෘත කිරීම තවත් කල් යන ලකුණු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාසල් විවෘත කිරීම තවත් කල් යන ලකුණු



ලබන සැප්තැම්බර් මස මුල ක‍්‍රමානුකූලව පාසල් විවෘත කිරීම රජයේ අරමුණ වී තිබුණත් පවතින සෞඛ්‍ය තත්ත්වය හමුවේ යළි පාසල් විවෘත කිරීම අවිනිශ්චිත යැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් පවසා තිබේ.

මෙම මස අවසානයට පෙර සියලූම පාසල් ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදී යම් ක‍්‍රමවේදයකට අනුව පියවරෙන් පියවර පාසල් යළි විවෘත කිරීමට රජය සැලසුම් කර තිබූ බවද ඇමැතිවරයා සඳහන් කරයි.

නමුත් රටේ පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ අගෝස්තු අවසානයේ හෝ සැප්තැම්බර් මුලදී පාසල් යළි විවෘත කිරීම අවිනිශ්චිත යැයිද හෙතෙම පැවැසීය.