Posted on 02.22.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාස්කු අවසන් වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා පත්කළ ඇමැතිවරුන්ගෙන් සමන්විත විශේෂ පංච පුද්ගල කමිටුව තමන් පිළිගන්නේ නැති බව අගරදගුරු මැල්කම් රන්ජිත් හිමියන් පවසා තිබේ. උගත් බුද්ධිමත් විනිශ්චයකාරවරු විසින් සකසන ලද වාර්තාවක් විමර්ෂණය කිරීම සදහා සාමාන්‍ය පෙළවත් සමත් නැති පිරිසක් පත් කිරීම නුසුදුසු බවයි කාදිනල් හිමියන් පවසයි.
පාස්කු කොමිසමේ වාර්තාවේ පිටපතක් තමන්ට ලබා දෙන ලෙස නැවතත් ඉල්ලීමක් සිදු කරන බව ද කොළඹ අගරදගුරුවරයා පවසා ඇත.
“අපි ඉල්ලන්නේ මේ වාර්තාව සම්පූර්ණයෙන් එළිදරව් කරන්න කියලා. වාර්තාවේ තියෙන සමහර දේවල් හංගන්න එපා. එතකොට අපි තීරණය ගන්නම් කරන්න ඕනේ දේ. යම් ආකාරයට රජය බයවෙලා මේක හංගනවා කියලා හැඟීමක් අපිට එනවා. කමිටුව අපි පිළිගන්නේ නෑ. නිලධාරින් ටික දෙනෙක්ව හිරේ දාලා මේකට පිටුපසින් ඉන්න බලවේග හංගන්න දෙන්න බෑ යැයිද” මැල්කම් රංජිත් හිමි වැඩිදුරටත් පවසා ඇත.