தமிழ்
English
Contact
Friday 14th May 2021    
පාස්කු ප්‍රහාරයට හේතුව පසුගිය රජයේ නොසලකා හැරීම් - මහින්ද රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාස්කු ප්‍රහාරයට හේතුව පසුගිය රජයේ නොසලකා හැරීම් – මහින්ද රාජපක්ෂ



පාස්කු දින කුරිරු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,
“පසුගිය රජය විසින් සිදුකළ සාපරාධී නොසලකා හැරීම්, මගහැරීම සහ ජාතික ආරක්ෂාව තම දේශපාලන කටයුතු සමග පටළවා ගැනීමෙන් අවසානයේ වන්දි ගෙවීමට සිදුවූයේ අහිංසක ජනතාවට. අදත් එම ප්‍රහාරයට වගකිවයුතු කොට්ඨාස විවිධ බොරු සමාජගත කරමින් විමර්ශනවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිශාවන්ට යොමුකරමින් සිටිනවා. අපි එම පිරිස පිළිබඳව කණගාටුවෙනවා”