தமிழ்
English
Contact
Sunday 31st May 2020    
පාස්කු ප්‍රහාරය ගැන කොමිසමට පුද්ගලයෙක් නම් කරන ලෙස ජනාධිපති කාදිනල්ගෙන් ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාස්කු ප්‍රහාරය ගැන කොමිසමට පුද්ගලයෙක් නම් කරන ලෙස ජනාධිපති කාදිනල්ගෙන් ඉල්ලයි



පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කිරීමට අදහස් කරන නව කොමිසමකට නියෝජිතයෙකු නම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීම පිළිබඳව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බව අගරදගුරු කාර්යාල ප්‍රකාශකයෙකු පවසා තිබේ.

අගරදගුරු කාර්යාල ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සහ කාදිනවරයා අතර සිදුවූ දුරකථන සංවාදයකදී තමන් පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය සෙවීම සඳහා කොමිසමක් පත්කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු නම් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ අගරදගුරුවරයාගෙන් ඉල්ලා ඇති බවයි.

එසේම නව කොමිසමක් පත්කිරීම යනු මීට පෙර පත්කරන ලද කොමිසම් නරක යයි අදහස් නොකරන බවද අගරදගුරු කාර්යාල ප්‍රකාශකවරයා පවසා ඇත.