தமிழ்
English
Contact
Monday 8th March 2021    
පාස්කු ප්‍රහාරය ගැන නීතිය ඉෂ්ඨ නොවුනොත් ජාත්‍යන්තර අධිකරණයට යනවා - කාදිනල් හිමි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාස්කු ප්‍රහාරය ගැන නීතිය ඉෂ්ඨ නොවුනොත් ජාත්‍යන්තර අධිකරණයට යනවා – කාදිනල් හිමි



පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව මෙරට දී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයට යෑමට සූදානම් බව කාදිනල් මැල්කම් රංජිත් හිමියන් පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් සහ ඉන් අනතුරුව පැවැත්වෙන නඩු විභාගයන්වලදී සාධාරණයක් ඉටු නොවුණහොත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය ලබාගෙන ජගත් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද එම හිමියන් පවසයි.

2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරයට අදාළ නීතිමය වශයෙන් යුක්තිය ඉෂ්ඨ නොවුණහොත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයකට ගොස් යුක්තිය ඉල්ලන්නේදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගරදගුරු හිමියන් මේ බව පවසා ඇත.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළද, එම පිටපත මේ වන තෙක් නොලැබුණු බවද කාදිනල්වරයා අගරදගුරු මැදුරේ ඊයේ (11වැනිදා) මාධ්‍ය හමුවකදී පවසා තිබේ.