தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
පාස්කු ප්‍රහාරය පිළිබද ප්‍රශ්න කිරීමට නාලක සිල්වා පාර්ලිමේන්තු අනු කමිටුවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාස්කු ප්‍රහාරය පිළිබද ප්‍රශ්න කිරීමට නාලක සිල්වා පාර්ලිමේන්තු අනු කමිටුවට!



පාස්කු ප්‍රහාරය ගැන විභාග කරන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන සතියේ පාර්ලිමේන්තු අනු කමිටුව හමුවට කැඳවීමට නියමිතය.
තේරීම් කාරක සභාව හමුවට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරය‍ෙ කැඳවන්නේ මේ වනවිට එම කමිටුවට හෙළිව ඇති තොරතුරු පිළිබඳව කරුණු විමසීමටය.
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවා වූ මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට 2018 ජූනි මස 02 දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වශයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ගනු ලැබූ වරෙන්තුව සහ ඉන් පසුව අනුගමනය කළ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.