தமிழ்
English
Contact
Saturday 16th January 2021    
පැහැර ගත් කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති හිමි ඝාතනයකර සිරුර කොටදෙනියාවේ දමා ගොසින් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පැහැර ගත් කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති හිමි ඝාතනයකර සිරුර කොටදෙනියාවේ දමා ගොසින් !



පසුගිය ජනවාරි 2 වැනිදා පැහැරගෙන ගිය අවිස්සාවේල්ල , වග ,තුම්මෝදර, කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති උඩුවෙල ධම්මසිරි හිමිගේ පුලුස්සා දමන ලද මලසිරුර කොටදෙනියාව ප්‍රදේශයේ තිබී හමුවී ඇත.

ආරාණ්‍ය සේනාසනයේ අධිපති හිමි ඝාතනය කර පුලුස්සා දමා ඇති බවට දැනගන්නට ඇත. ජනවාරි 2 දින රාත්‍රි 10.00ට පමණ කිසියම් වාහනයකින් පිරිසක් විහාරයට පැමිණ ඇත. ගිහි පුද්ගලයන් දෙදෙනෙකු එම අවස්ථාවේ ආරණ්‍යය සේනාසනාරාමයේ නින්දේ පසුවී ඇත. වෑන් රථයකින් පැමිණි මෙම පිරිස ධම්මසිරි හිමියන්හට තදබල ලෙස පහරදී මෙම හිමියන් සතුව තිබුණු මුදල්, බැංකු කාඩ්පත් සහ ලියකියවිලි මොවුන් රැගෙන ගොස් ඇත.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය සමයේ මෙම කොඩි කන්ද ප්‍රදේශයේ නීති විරෝධී ගල් වැඩපළක් නිසා ඇතිවන පාරිසරික හානිය සම්බන්ධ විරෝධතාවයේදී මෙම හිමිනම පරිසරවේදින් සමග සක්‍රියව කටයුතු කර ඇත.

කෙසේ වෙතත් කෝන්තරකරුවන් සිටීමට තරම් උඩුවෙල ධම්මසිරි නායක හිමි නම සම්බන්ධ කිසිදු ප්‍රශ්නයක් නොතිබූ බවද විහාරයේ වසන භික්ෂුන්ගේ අදහසය.

මෙසේ කෘර අන්දමින් ඝාතනය කළ හිමිනමගේ දේහය පුලුස්සා කොටදෙනියාව ප්‍රදේශයේ දමා ගොස් තිබියදී, පොලිසිය හා හිමිනමගේ ශිෂ්‍ය භික්ෂුන් විසින් හඳුනාගෙන ඇත්තේ ශරීර ලක්ෂණවලිනි. මේ වනවිට වැඩිදුර කටයුතු සඳහා හිමිනමගේ සිරුර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇත.