தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
පිටරටදි මැරෙන්න ඕන නෑ, විදේශ විශ්ව විද්‍යාල ලංකාවට ගේනවා! - බන්දුල ගුණවර්ධන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පිටරටදි මැරෙන්න ඕන නෑ, විදේශ විශ්ව විද්‍යාල ලංකාවට ගේනවා! – බන්දුල ගුණවර්ධන



අසර්බයිජානයේ ශිෂ්‍යාවන් තිදෙනකු නේවාසිකාගාරයේදී අනතුරට ලක්වී මියයාම වැනි සිදුවීම් වැළැක්වීමට විදේශ විශ්වවිද්‍යාල ලංකාවේ පිහිටුවන බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.

ලංකාවේ විශ්වවිද්‍යාල තුළ ප්‍රමාණවත් පහසුකම් නැතිකමින් විශ්වවිද්‍යාලවලට අතුළත්වීමේ සුදුසුකම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනකට මහත් අසරණභාවයක් ඇතිවන අතර මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල පහසුකම් ඇත්තේ විද්‍යාර්ථීන් 30,000කට අධ්‍යයන පහසුකම් සැලසීමට පමණි. මේ තත්වය තුළ පෞද්ගලික වියදමින් විදේශගතව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පෙළඹෙන්නේ ධනවත් මව්පියන්ගේ දරුවන් නොව, ණයවී හෝ දේපළ උගස්කර උසස් අධ්‍යාපනය ලබන්නට තැත්කරන දරුවන්ය. කෙසේවෙතත් ඇමතිවරයා පවසන්නේ එවැනි ආයතනවල ශාඛා මෙරට පිහිටුවා මෙරට අධ්‍යාපන පිපාසයෙන් පෙළෙන දරුවන්ගේ මව්පියන් සූරාකමින් ආදායම් ඉපදවීමට අවසර දෙන බවයි. එම ආයතන මගින් මෙරට දරුවන්ට ලබාදෙන පහසුකම් සහ ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය හැකි නොහැකි බැවින් මෙම තීරණය ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී කැඳවා තිබූ තිබූ මාධ්‍ය සාකජාවකදී අධයාපන ඇමතිවරයා පවසා ඇත.

මේ අනුව, උසස් අධ්‍යාපන පහසුකම් ඇතිකිරීමට රාජ්‍ය අධයාපනයට ප්‍රතිපාදන වැඩිකිරීම බඳු අවශ්‍යතා ඉටු නොකර විදේශ විශ්වවිද්‍යාලවල ශාඛා පිහිටුවමින් ප්‍රමිතියෙන් පවා බාල අධ්‍යයන පාඨමාලාවලට මුදල් ගෙවා විදේශවිනිමය අහිමිකරගන්නට අධ්‍යාපන බලධාරින් කටයුතු කරමින් සිටී.

අසර්බයිජානයේ මියගිය ශිෂයාවන් තිදෙනා මෙන්ම වෙනත් ආකාරයට මියයමින් සිටින මෙරට දහස් ගණනක් සරසවි අධ්‍යයන සුදුසුකම් ලැබුවන් වෙනුවෙන් විශ්වවිද්‍යාල පහසුකමු වැඩිකරන ලෙසත් දැනට ඇතුළත්කර ලන්නා ශිෂ්‍ය ශිෂයාවන්ට ප්‍රමාණවත් ආචාර්යවරු, දේශන ශාලා, නේවාසිකාගාර ආදි පහසුකම් සපයන ලෙසත් ලාංකීය ශිෂය ව්‍යාපාරය දිගින් දිගටම අරගල කරමින් සිටී. අවම වහයෙන් මහපොළ වැනි ශිෂ්‍යාධාරයක හිමිකම ඇති සරසවි ශිෂ්‍ය ප්‍රජාවට එය ලබාදීම බලධාරින් විසින් සිදු නොකරන තත්වයක් පවතී. මේ තතු යටතේ තවදුරටත් විදේශ සමාගම් හරහා අධ්‍යාපනය විකිණීමට සහායවන බව හිටපු පෞද්ගලික පන්ති ගුරුවරයකුද වන අධ්‍යාපන ඇමතිගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.