தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
පිට්ටනියක් වෙනුවෙන් කඩොලාන කපන්න එපා! - දේවානි ජයතිලකගේ සටන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පිට්ටනියක් වෙනුවෙන් කඩොලාන කපන්න එපා! – දේවානි ජයතිලකගේ සටන



පාසලක පිට්ටනියක් සඳහා කඩොලාන පරිසරය කිරීමට එරෙහිව වනජීවි නිලධාරිනියක් දේශපාලන නායකත්වය සමග ගැටෙන අවස්ථාව සමාජ ජාල ඔස්සේ ආන්දෝලනයක් ඇතිකර තිබේ. මෙසේ ආන්දෝලනයක් හටගෙන ඇත්තේ වනජීවි රාජ් ඇමති සනත් නිශාන්ත විසින් ගම්පහ දිස්ත්රික් වනජීවි නිලධාරිනි දේවානි ජයතිලක ඇතුළු නිලධාරින් කැඳවා පැවැත්වූ රැස්වීමකදීය. එම සංවාදය පහත පරිදිය. රාජ් ඇමති සනත් නිශාන්ත :- ළමයින්ට සෙල්ලම් කරන්න පිට්ටනියක් හදන්න විතරක්වත් අපිට මෙතන සුද්ද කර ගන්න බැරිද? නිලධාරීනිය(දේවානි ජයතිලක) :- මේක පරිසර පද්ධතියක්. මේ වෙනකොට අපේ ටාගට් එකක් තියෙනවා කඩොලානවලින් ඒෂියන් චැම්පියන් වෙන්න. ඒකෙදි අපට තව කඩොලාන භූමි හෙක්ටයාර් 10,000ක් මදි. ඊට අමතරව අනවසර ඉදිකිරීම් ගැන කතා කරද්දී ඔබතුමන්ගේ දැන් මේ ප්රජාවගෙන්ම ආවා මේ ප්රදේශයේ සම්පූර්ණයෙන්ම අපේ භූමිය අයිති කරගෙන ඉන්නෙ. මම නගරාධිපතිතුමා එක්ක මේ ගැන කතා කරා. මේ මිනිස්සුන්ව අපි නැවත රීලොකේට් කරලා වෙනම ෆ්ලැට් එකක් ගහලා පදිංචි කරවන්න. කරලා මේ ටිකේ නැවත කඩොලාන වවන්න පුලුවන්ද බලන්න. රාජ් ඇමති :- මිස් මේකයි, අපි ඉන්නෙ බෙහොම පුංචි දූපතක.අනිත් රටවල් එක්ක බලද්දී පුංචි රටක්. මේකෙ එක පැත්තකින් වනජීවි /වන සංරක්ෂණය අනික් පැත්තෙන් වැව් සංරක්ෂණය. මේ කියන නීති පැත්තෙන් ගියාම මිනිස්සුන්ට ජීවත්වෙන්න තැනක් නැතිව යනවා. නිසා ඔබතුමී ටිකක් නම්යශීලී වෙලා  මෙතන පොඩ්ඩක් බේරලා දෙන්න කියන එකයි මගේ අදහස. (අත්පොලසන්) වෙනත් අයෙක් :- අපිට පිට්ටනියක් නෑ සර්. පවුල් දෙදාස්ගාණක් ඉන්නවානිලධාරීනිය :- පැහැදිලිවම මේක රජයෙ වනන්තර භූමියක්. වනන්තර භූමියක් නිදහස් කරන්න බෑ. තවත් අයෙක් :- එතකොට විල්පත්තුව විල්පත්තුව එතකොට කොහෙද හිටියෙ ඔයා? නිලධාරීනිය :- ඒක ඔයාලා දේශපාලන අධිකාරියෙන් අහන්න. ඇමතිතුමා, දැනට 60% ක් තියෙනවා වනාන්තර භූමි. ගම්පහට තියෙන්නෙ 1.6% යි. එකෙන් වනජීවි එකට තියෙන්නෙ අක්කර 18යි. ඒකෙනුත් බෙදනවා අන්න මේ වෙනකොට කච්චේරියෙ. කවුද මේවට වග කියන්නේ? අපට හුස්ම ගන්න බෑ කෝ ඔක්සිජන්? දැන් මේ වෙද්දි බොයිලේරු තියෙනවා 51ක්. එක බොයිලේරුවකට දවසකට දානවා ටොන් 07ක් ගස්. ටොන් හතකින් පිටවෙන කාබන්ඩයොක්සයිඩ් උරා ගන්න කෝ ගස්? වෙනත් අයෙක් :- අපිට ඔක්ජසින් වලින් වැඩක් නෑ. ළමයි මෙහෙ කුඩු ගංජා ගහනවා. නිලධාරීනිය :- ඔක්සිජන් එපා කියලා මේ මිනිස්සු කියනවා. විද්යාත්මකව තීරණයක් ගන්නවද,නැත්නම් ගමේ ගොඩේ අයට ඕන විදියට වැඩ කරනවද? එහෙමනම් ඉගෙනගෙන අපි මේ තනතුරු වලට එන්න ඕනෙ නෑ. ඒකයි මගේ ස්ථවරය වෙනත් අයෙක් :- පහුගිය කාලෙ හෝටලයක් එහෙමත් හැදුවෙ,එතකොට කොහෙද හිටියෙ. නිලධාරීනිය :- මම ඇවිල්ලා අවුරුදු තුනයි. ඔයාලා මේකෙ ජීවිත කාලෙම ඉදලා ඇයි කතා නොකලෙ? මේක රජයෙ භූමියක් කියලා මම උසාවියෙදි ඔප්පු කරලා තියෙනවා. එහෙම නෑ කියලා කවුරුහරි කියනව නම් ඉදිරිපත් වෙන්න. රාජ් ඇමති :- ඔබතුමියත් සේවය කරන්නෙ රජයට. දැන් මේ කාරණය පැත්තකින් තියලා ඔබතුමිය අපේ ව්යාපෘතියට සහය දෙනවද? නිලධාරීනිය :- කිසිම ප්රශ්නයක් නෑ මට පැවරෙන කාර්යය මම උපරිමයෙන් කරනවා. හැබැයි නීතියට අනුව විතරයි. නීතියට පිටින් බෑ.!