தமிழ்
English
Contact
Sunday 26th January 2020    
පියසාර ශිල්පාධිපති සමුගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පියසාර ශිල්පාධිපති සමුගනී!



ප‍්‍රවීණ නර්තන ශිල්පී, බෙර වාදන ශිල්පි, නර්තන ආචාර්ය පියසාර ශිල්පාධිපති අද (2) අභාවප‍්‍රාප්ත විය.
අභාවප‍්‍රාප්ත වන විට 75 වන වියෙහි පසුවූ ඔහු ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේ ලාංකික නර්තනය පිළිබඳ ආචාරය්වරයකු ලෙස සම්භාවනාවට පාත්‍රව සිටියේය. කැලිෆෝනියා විශ්ව විද්‍යාලය ඇතුළු විදේශ කලා ආයතන රැසක ලාංකික සම්ප්‍රදායික නර්තනය පිළිබඳ ඉදිරිපත්කිරීම් කරමින් ඔහු මෙරට නර්ජාතන සම්ප්‍රදායන් ජාතයන්තර මට්ටමට ගෙනයන්නට දායක විය.
කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ හෙතෙම කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළේය.