தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
පියසිරි, වීරකුමාර, රොජර්ට එරෙහිව වරෙන්තු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පියසිරි, වීරකුමාර, රොජර්ට එරෙහිව වරෙන්තු



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ හිටපු පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න යන අය අත් අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (15) වරෙන්තු නිකුත් කර තිබේ.

අද දිනයේ කැඳවා තිබුණු නඩුවක් සඳහා අධිකරණයෙහි පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කෙරිණි.

ඔවුන් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වශයෙන් සිටියදී 2016 වසරේදී මෙරටට පැමිණි එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුට එරෙහිව කොළඹ බෞද්ධාලෝක මාවත අවහිර කරමින් මහජන පීඩාවක් සිදුවන පරිදි විරෝධතාවක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.

නඩුව යළි 2022 මාර්තු 07 වනදා කැඳවීමටයි අධිකරණය නියම කර ඇත.