தமிழ்
English
Contact
Friday 16th April 2021    
පිළිකාකාරක අඩංගු පොල්තෙල් ලංකාවට එවූ විදෙස් සමාගම් ගැන මෙතෙක් හෙළිකර නැහැ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පිළිකාකාරක අඩංගු පොල්තෙල් ලංකාවට එවූ විදෙස් සමාගම් ගැන මෙතෙක් හෙළිකර නැහැ



ඇෆ්ලටොක්සීන් පිළිකා කාරක අඩංගු පොල්තෙල් බහාලුම් ශ්‍රී ලංකාවට අපනයනය (Exporter) කළ විදෙස් සමාගම් මොනවා දැයි හෙළිදරව් කිරීමට රජය මෙතෙක් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සැක මතුවෙමින් තිබේ.

මෙම පිළිකා කාරක පොල්තෙල් තොගය ලංකාවට ආනයනය කිරීමේ ක්‍රියාවලියේදී දේශීය සමාගම් ලෙස ක්‍රියාකර ඇත්තේ අලි බ්‍රදර්ස්, කටාන ඔයිල් මිල්ස් සහ එදිරිසිංහ එඩිබල් ඩයිල් යන සමාගම් බව මේවන විට තහවුරුව තිබේ .

නමුත් භාණ්ඩයක් යම් රටකට අපනයනය කිරීමේදී භාණ්ඩය නැව්වලට පැටවීමේදී සහ පැටවීමෙන් පසු අදාළ සමාගම් අපනයනය කරන රටේ ප්‍රමිති කාර්යාංශය පිළිගන්නා රසායනාගාරයකින් ලබාගන්නා තත්ත්ව සහතික ලබාගත යුතු වේ . ඒ අනුව ලංකාවට යමක් අපනයනය කිරීමේදී අදාළ විදෙස් සමාගම ලංකාවේ සමාගම වෙත එම වාර්තා ලබාදීම සිදුවන අතර එම වාර්තා ශ්‍රී ලංකාවේ නියාමන ආයතනයන් වෙත ලබාදීම සිදුවේ. දේශීය සමාගම් අදාළ භාණ්ඩය මෙරටට පැමිණෙන තුරු ලැබෙන තත්ත්ව සහතිකය එයයි. මෙසේ කල යුතුය යන කොන්දේසිය දෙපාර්ශවයම අත්සන් කරන විකුණුම් ගිවිසුමේ කොන්දේසියක් වශයෙන් ඇතුලත් වන්නකි.

ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට අදාළ නොවන තෙල් අපනයනය කරන ලද වැරදි තත්ත්ව පරීක්ෂණ වාර්තා ලබාදුන් සමාගම්වලට විරුද්ධව වානිජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් (DEPARTMENT OF COMMERCE) අදාල රටේ වාණිජ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට හැකියාව ඇති බවද වාර්තා වේ. නමුත් මෙම තත්ත්ව වාර්තා පිළිබඳව පරීක්ෂාකාරී නොවී මෙම බහාලුම් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වගකීමෙන් තොරව ක්‍රියාකළ සමාගම් පිළිබඳව මෙතෙක් කිසිදු සඳහනක් සිදුකර නොමැත.