தமிழ்
English
Contact
Sunday 20th January 2019    
පිළිකා රෝහලේ ඖෂධ හිගය - අශ්වයා ගියාට පසුව රාජිත ඉස්තාලෙට පැනලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පිළිකා රෝහලේ ඖෂධ හිගය – අශ්වයා ගියාට පසුව රාජිත ඉස්තාලෙට පැනලා!



ඔක්තෝබර් 26 වැනිදා දක්වා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහරගම අපේක්‍ෂා රෝහලේ පිළිකා ඖෂධ හිගයට ඇති වගකීමෙන් ලිස්සා යමින් කඩිනමින් ගුවන් මගින් ගෙන්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඇමතිවරයා මේ සම්බන්ධව සිදුකරන ප්‍රසිද්ධ ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ අශ්වයා ගියාට පසුව ඉස්තාලය වැසීමක් බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කරයි. මහරගම අපේක්‍ෂා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 5ක හා තවත් ඖෂධ වර්ග 7ක හිඟයක් පවතින්නේ වර්ෂය මුලලදී අවශ්‍ය ඖෂධ නිර්ණය කර මිලදී ගැනීමේ ක්‍රියාදාමයක් ඕනෑම රාජ්‍ය ආයතනයක් සිදුකරන පසුබිමක් තුළය. එවැනි පසුබිමක ඇමතිකම නැතිව සිටි මාස දෙකකට පසුව උද්ගතව ඇති ඖෂධ හිගයට දින 50 ආණ්ඩුව පිට පමණක් පටවා රාජිත ව්‍යාජ රංගනයක යෙදී සිටී. ඖෂධ හිගය හේතුවෙන් එම ඖෂධ ලබාදිය යුතු රෝගීන් රෝහලට ඇතුළත් කරගැනීම පවා තාවකාලිකව නවත්වා දමනවා හැර වෙනත් විකල්පයක් නැති බව විශේෂඥ වෛද්‍යවරුන් විසින් අමාත්‍යාංශයට දැනුම් දී තිබුණි. මෙම ඖෂධ වර්ගවලට අමතරව ඖෂධ වර්ග 71ක පමණ හිගයක් රෝහල්වල පවතින බව පවසන සෞඛ්‍ය ඇමතිවරයා, මාස දෙකක පමණ කාලයක් තිස්සේ පැවති දේශපාලන අර්බුදය හේතුවෙන් මෙම හිගය ඇති වී තිබෙන බවක් පවසයි. එහෙත් වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ ගෙන්වීම සිදුකරන්නේ සිල්ලර වෙළදසැලකට සතිපතා හෝ මාස්පතා බඩු තොග වශයෙන් මිලදී ගන්නා ක්‍රමයට නොවන බව ජනතාවට වසං කරමින් ඔහු නිදහසට කරුණු කියයි.

ඖෂධ වෙළදාමට සම්බන්ධ ඇමති පුත්‍රයකු පිළිබද වේලාසනම කරුණු අනාවරණය වී ඇති අතර ඖෂධ ගෙන්වීමෙන් ලබන ආදායමට අමතරව ඇමතිකම් දරනවුන්ගේ වගකීම් විරහිතභාවය පිලිබදවද අප වරින්වර හෙළිදරව් කර ඇත.