தமிழ்
English
Contact
Sunday 20th January 2019    
පීඩිත ජනයාගේ හිමිකම් වෙනුවෙන් සටන් වදින්නට 'ජනතා අරගල මධ්‍යස්ථානය'ට එක් වෙමු! - ලීනස් ජයතිලක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පීඩිත ජනයාගේ හිමිකම් වෙනුවෙන් සටන් වදින්නට ‘ජනතා අරගල මධ්‍යස්ථානය’ට එක් වෙමු! – ලීනස් ජයතිලක



ලොව පුරාම වැඩකරන ජනතාව ඇතුළු පීඩිත ජනයා සමග එක්ව මිනිස් වර්ගයාට අයත්වන ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියේ හිමිකම් වෙනුවෙන් සටන් වදින අතරම  ස්වභාවික පරිසරය ලෙස අත්පත් කරගත යුතු, පවත්වාගැනීම වෙනුවෙන් ආරක්ෂා කළ යුතු සහ හුවමාරු කරගතයුතු සියලු සම්පත් අත්පත් කරගැනීමේ අරගලයක් වෙනුවෙන් ‘ජනතා අරගල මධ්‍යස්ථානය’ සමග එක්වන බව ‘වමේ හඩ’ සංවිදානය පවසයි.

දෙසැම්බර් 27 වැනිදා ජනතා අරගල මධ්‍යස්ථානය විසින් ‘ජනතා සැලැම්’ ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී ‘වමේ හඩ’ සංවිධානය නියෝජනය කරමින් අදහස් පළ කළ එක්සත් කම්කරු සම්මේලනයේ ප්‍රධාන ලේකම් ලීනස් ජයතිලක විසින් මේ බව ප්‍රකාශ කරන ලදී.

එක්සත් කම්කරු සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයා පළ කළ අදහස් සංක්ෂිප්ත සටහනක් ලෙස පහත පළ කෙරේ.


“අපි කාලාන්තරයක් තිස්සේ විවිධ ආකාරයේ ජන අරගලවල නිරත වූ සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙක් මෙතැන ඉන්නවා. ඒ අරගල දිහා මේ අවස්ථාවෙ කෙටියෙන් හෝ ආවර්ජනයක් කළ යුතුයි.

1977 වනවිට, 1971 අරගලය නිසා අත්අඩංගුවට ගෙන සිරගත කරලා හිටිය දේශපාලන සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන්, මර්දන නීති අහෝසි කිරීම වෙනුවෙන් ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් මේ රටේ විවිධ පුද්ගලයන් සමග බලවේග ප්‍රමාණයක් ඊට විරුද්ධව සංවිධානය වුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුලු මර්දන නීති අහෝසි කිරීම සදහා දේශපාලන සංවිධාන, ප්‍රභූවරු සහ වෘත්තිය සමිති වශයෙනුත් එම අරගලයට එකතු වුණා. එහි අත්දැකීම් ඇති සහෝදරවරු අද අප සමග මෙතැන ඉන්නවා.

ඒ වගේම, 1983 වාම දේශපාලන පක්ෂ තහනම් කළ අවස්ථාවේ ඒ වගේම දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, වෘත්තිය සමිති එකතු වුණා. ඒ වනවිට අපි නව සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරින් ලෙස අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබුණා. එම මර්දනකාරී තත්වයට විරුද්ධ උද්ඝෝෂනයකට අපි විවිධ පුද්ගලයන් හමුවෙන්න ගියා. ඒ වෙලාවෙ අප එක්ක හිටියා, පහුගිය කාලෙ පුදුමාකාර පරිවර්තනයන්ට ලක් වූ මිනිස්සු. මම ආචාර්ය නලීන් සිල්වා සමග මාදුලුවාවේ සෝභිත හාමුදුරුවො එක්ක කතා කරගෙන උද්ඝෝෂනයට සහභාගි වන්න අනුමැතිය අරගෙන දැනට ඉන්න සංඝනායක ඉත්තෑපාන ධම්මාලංකාර, ලබුදූවෙ සිරිධම්ම වගේ හාමුදුරුවරු හමුවෙන්න ගියා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැනි අයත් එක්ක කණ්ඩායමක් හැටියට මේ සාකච්ඡාව ආරම්භ කරදිද් අපට සටන් පාඨ දෙකක් තිබුණා. ඒ තමයි දේශපාලන පක්ෂ තහනම ඉවත් කරනු, රට පුරා පැනවූ හදිසි අවස්ථාව අහෝසි කරනු කියන ඉල්ලීම් එහි අඩංගු වුණා. නමුත් ඉත්තෑපාන ධම්මාලංකාර හාමුදුරුවො ඒකට විරුද්ධ වුණා. ඒ හාමුදුරුවන්ගෙ අදහස වුණේ දකුනේ හදිසි අවස්ථාව ඉවත්කරන්න පක්ෂ වෙමු, නමුත් උතුරට දිගටම හදිසි නීතිය තිබිය යුතුයි කියලා. ඒ සාකච්ඡාව තුළ විශාල විවාදයක් ඇති වෙලා එතැනින් එහා කිසි දෙයක් කරගන්න බැරි වුණා. ඒ නිසා දේශපාලන පක්ෂ තහනම ඉවත්කරනු කියන තනි සටන් පාඨයක් යොදාගෙන, විරෝධතාව කරන්න සිදු වුණා. මා මේ කරුණ ඉදිරිපත් කළේ මෙවැනි උද්ඝෝෂණ මැද්දෙ මේ රට තුළ ජාතිවාදී රැල්ල සහ මර්දනකාරිත්වය මේ රටේ ප්‍රභූ නායකයන් තුළින් පෝෂණය කළේ කියන කාරණය මතු කරන්න.

මේ නිසා ජනතා ව්‍යාපාරයන් තුළ මෙවැනි අත්දැකීම් අප එකතු කරගත යුතුයි. ‘ජනතා අරගල මධ්‍යස්ථානය’ මේ ආකාරයට ඒකරාශි වෙන්නෙ මේ රට තුළ පහුගිය කාලෙ විශාල විරෝධතා ප්‍රමාණයක් සිදුවෙද්දි. අපත් බොහෝ අවස්ථාවල ඒ උද්ඝෝෂන ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වුණා. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණ ඇති විරෝධතාවලදි අපි එක් වුණා. නමුත් අපි වමේ ව්‍යාපාරය වශයෙන් මේ ජනතා අරගලවලදි දිය යුතු නායකත්වය සම්බන්ධයෙන් වගකීම් සහගත විය යුතු බව සාකච්ඡා කරලා තමයි මෙවැනි මධ්‍යස්ථානයක් වෙනුවෙන් කටයුතු ඉදිරියට ගෙන ගියේ. අද අපි මේ සකච්ඡාවට මෙවැනි පදනමක් අවශ්‍ය වෙන්නෙ ඇයි? අපි දන්නවා ලෝකයේ ගොවි ජනතාව ඉඩම් අහිමි ජනතාව ඒකරාශි වෙමින් දැවැන්ත අරගල කරමින් ඉන්නවා. වෙනත් පීඩිත ජනයා, අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ජනයා ඒකරාශි වෙමින් ඉන්නවා. මේ තත්වය තුළ ජනතා අරගල මධ්‍යස්ථානය කියන්නෙ දේශපාලන පක්ෂ යටතේ පමණක් නොව, පීඩිතයන් වෙනුවෙන් කටයුතු කරන අනෙකුත් සංවිධාන, බුද්ධිමතුන් සම්බන්ධ කරගත් මධ්‍යස්ථානයක් වියයුතු බව අපි හිතනවා.

පසුගිය සැප්තැම්බරයෙ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුලුව විසින් සම්මත කළ ප්‍රඥප්තියකින් ගොවි ජනතාවගේ හා වෙනත් ග්‍රාමීය ජනතාවගේ අයිතිවාසිකම් පිළිගනු ලැබුවා. මානව හිමිකම් කොමිසමේ අවුරුදු 6ක් තිස්සේ සංවාදයට ලක්කරලා විවිධ බලපෑම් අනුව වෙනස්කම් කරලා මේ යෝජනාව සම්මත කරන්න යෝජනා කළාමත් යුරෝපයේ ධනපති රාජ්‍යයන් සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක් මෙයට විරුද්ධව හෝ ඡන්දය දීමෙන් වැළකී හිටියත් අවසානයේ එය සම්මත කරගන්න හැකි වුණා. ඒ නිසා ඒක ලෝකයේ ගොවි ජනතාවගේ හා ගැමි ආර්ථිකයන්ට සම්බන්ධවන ජනයාගේ ජයග්‍රහණයක්. අපේ රටේ ආණ්ඩුවට සිදු වුණා ඒකට පක්ෂපාතව ඡන්දය දෙන්න. දැන් රට තුළ ඒක බලාත්මක කරන්න සිදුව තිබෙනවා. එවැනි අයිතිවාසිකම් වගේම අයිතිවාසිකම් වෙනුවෙන්, සමාජ යුක්තිය වෙනුවෙන් පොදු ජනයා නිරතවන අරගලවලට සම්බන්ධ වෙන්න අපි මෙවැනි ජනතා මධ්‍යස්ථානයක කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා මේ ජනතා අරගල මධ්‍යස්ථානයේ වගකිම යටතේ මෙවැනි අරගල ඉදිරියට ගෙන යාමෙදි අපගේ මාක්ස්වාදී ගුරුවරුන් මෙන්ම අප උගත් පාඩම් තිබෙනවා. විහේසයෙන් 1917 ඔක්තෝබර් විප්ලවය සම්බන්ධව අපි කතා කළා. එයින් අප අතට ලබාදුන් ව්‍යුහයන් දෙකක් ලෙස බොල්ෂෙවික් පක්ෂය ඒ වගේම ජනතාවගේ පුලුල් ප්‍රජාතන්ත්‍රවාදී සභාව, සෝවියට් සභා ක්‍රමය ලෙස අපි සලකනවා. මේ ව්‍යුහයන් දෙක ජනතා බල මධ්‍යස්ථානයන් ඇසුරින් ගොඩ නැගිය යුතු බව අපි විශ්වාස කරනවා. ඒ වගේම අප පහුගිය කාලයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ රටේ ධනපති පක්ෂවලට සම්පූර්ණයෙන් විරෝධය දක්වමින් ඔවුන් හා පැහැදිලි දේශපාලන ප්‍රති විරෝධයකින් කටයුතු කිරීම මෙවැනි ජනතා අරගල මධ්‍යස්ථානයකට එක්වීමේ මූලික හේතුවක් වුණා. අපි දන්නවා සමාජ පරිවර්තනයක් පිළිබද අරමුනු ඇති අපට ඒක කම්කරු පන්තියේ නායකත්වයෙන් ඉදිරියට ගෙන යායුතු වැඩකරන ජනයාගේ දේශපාලන නායකත්වය කම්කරු පන්තියේ නායකත්වය සහිත කාර්යයක් බව. නමුත් මේ වනවිට ගමේත් නගරයේත් පීඩිත ජනතාවගේ අරගලකාරී තත්වයන් ඒකරාහි කිරීමේදී අප විසින් ඉටු කළ යුතු කාර්යයක් තිබෙනවා, ඒ වෙනුවෙන් මේ වැඩපිළිවෙළ තුළ අප එක්වනවා වගේම මැතිවරණ වැනි තත්වයකදි පවා දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිත්වයන් නිසා මෙම පොදු වැඩපිලිවෙළ දුර්වල නොකර ඉදිරියට ගෙනයාමටත් අප අදහස් කරනවා. හුදු සටන්පාඨ පමණක් නොවේ, ප්‍රායෝගික වශයෙන් ගත්තම වැඩකරන ජනාතාව මුහුණ දෙමින් සිටින නව අභියෝගයන් අපි දකිනවා. ඒ නිසා නිෂ්පාදන ක්‍රියාකාරිත්වයේ ඉන්න වැඩකරන ජනතාව, උතුරේ සහ දකුනේ වැඩකරන ජනයා ඒකරාශි කරමින් සියලු නිෂ්පාදන හා ආර්ථික සම්පත් ඔවුන් වෙත අත්පත් කරගෙන වඩා පලදායක ආර්ථික ක්‍රියාදාමයකින් වර්ධනය කළ යුතු බව අපි විශ්වාස කරනවා. මේ රටේ විනාශ කරමින් පවතින පාරිසරික සම්පත් පවා එවැනි අත්පත් කරගැනීමකින් ආරක්ෂා කළ යුතුව තිබෙනවා.

මේ දේශය තුළ වගේම ලෝකයම වැඩ කරන ජනතාව ආර්තික නිස්පාදනයේදී තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින අතරම ස්වභාවික පරිසරයේ සම්පත් පරිහරණය කිරීමේත් වර්ධනය කිරීමේත් ආරක්ෂා කිරීමේ ක්‍රමයක් පිහිටුවා ගැනීමේදි මෙවැනි ජනතා අරගල මධ්‍යස්ථානයක කාර්යභාරය වැදගත් වෙනවා. ඒ නිසා වැඩබිම්වල සහ ගොවි බිම්වල සංවිධානාත්මක කටයුතුවලදි වගේම පොදුවේ වැඩකරන ජනයා අතර, ගැමි ගොවි ජනයා අතර මෙවැනි සංවිධාන ව්‍යුහයන් ගොඩනගමින් ඒ වැඩකරන ජනයාගේ දේශපාලන අරමුණක් වෙනුවෙන් සිදුකරන ක්‍රියාදාමය තුළ අපි එක්ව සිටිනවා. “




Related News