தமிழ்
English
Contact
Monday 26th October 2020    
පුත්තලම, නවගත්තේගම, රළපනා වැවේ වැලි ජාවාරමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පුත්තලම, නවගත්තේගම, රළපනා වැවේ වැලි ජාවාරමක්!



පුත්තලම දිස්ත්‍රික්කයේ, තබ්බෝව අභය භූමියට අයත් රළපනා වැවේ වැලි ජාවාරම්කරුවන් වැලි කැණීම හේතුවෙන් දැවැන්ත පරිසර විනාශයක් සිදුව ඇත.
නවගත්තේගම හා කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටම යාවන එසේම නවගත්තේගම සහ කරුවලගස්වැව පොලිස් බලප්‍රදේශයන්ට අයත් මෙම වැවේ මාස ගණනක සිට වැලි කැණීම් සිදුකරන්නේ වැව සිඳී තිබීම නිසා පෑදී තිබෙන තත්වය ප්‍රයෝජනයට ගනිමිනි. ඉදිරියට වර්ෂා සමයේ දී වැව පිරීගිය විට ජනතාවට මේ හේතුවෙන් අවදානම් සහිත තත්වයකට මුහුණදීමට මේ නිසා සිදුවන බව ජනතාව කියාසිටිති. අක්කර අඩි 100ක පමණ ජල ධාරිතාවයකින් සහිත මෙම වැවේ වාරි සැපයුමෙන් කුඹුරු අක්කර 70කට ආසන්න ප්‍රමාණයක් වගාකරනු ලබයි. වැලි ජාවාරම්කාරයන් ගම්වැසියන් බියවද්දමින් බලහත්කාරයෙන් මෙම වැලි ජාවාරම සිදුකරන බව ප්‍රදේශවාසීහු පවසති. රාත්‍රිය පුරා වැව්පිටියේ පස් හා වැලි තට්ටුවක් ඉවත්කරමින් ඉන් පසුව උදයේ ටිපර් හා ට්‍රැක්ටර් යොදා ගනිමින් වැලි අදින බවත් ජනතාව පවසති. මොවුන් විසින් සිදුකරන අපරාධයට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය හා අනිකුත් ආයතන මගින් වැලි ප්‍රවාහනයට ලබා ගෙන ඇති අවසරය ලැබී ඇති බවටද ඔවුහු චෝදනා කරති.