தமிழ்
English
Contact
Tuesday 7th July 2020    
පුලුවන් නම් මාස 3කම වැටුප් දෙන්න - ජනාධිපතිගෙන් රජයේ සේවකයන්ට අභියෝගයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පුලුවන් නම් මාස 3කම වැටුප් දෙන්න – ජනාධිපතිගෙන් රජයේ සේවකයන්ට අභියෝගයක්!



ජනාධිපතිවරයා සිය මාස 3ක වැටුප කොරෝනා අරමුදලට දෙමින් රාජ්‍ය සේවකයන්ට කරන්නේ අවමානයක්ද නැත්නම් අභියෝගයක්ද යන්න පැහැදිලි නැති බව වෘත්තිය සමිති නියෝජිතයෝ අදහස් දක්වති.

රාජ්‍ය සේවකයන්ට තම වැටුපෙන් අඩක් හෝ නැතිනම් හැකි පමණින් කොරෝනා අරමුදලට බැර කරන ලෙස ජනාධිපති ලේකම්වරයා ඉල්ලා සිටියේ පසුගිය දිනකය. අද(14) ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ගේ මාස 3ක වැටුප් ‘කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල’ට පරිත්‍යාග කරන ලෙස තමන්ට උපදෙස් දුන් බවය.

ඒ් සඳහාවන රු. 292,500ක චෙක්පතක් ජනාධිපතිවරයා තමන් අතට පත්කළ බව ජනාධිපති ලේකම්වරයා පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අප විසින් කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනකුම, මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නේ තමන්ගේ අනන්‍යතාව හෙළි නොකරන පොරොන්දුවක් දෙන්නේ නම් පමණක් බව පළමුවෙන්ම අවධාරනය කළහ. ඔවුන් අතර රාජ්‍ය සංස්ථා නියෝජනයකරන වෘත්තිය සමීතියක ප්‍රධාන නිලධාරියෙක් කියා සිටියේ ජනාධිපතිවරයා ඒක්කෝ රාජ්‍ය සේවකයන්ට ඇති ආර්ථික දුෂ්කරතා නොදැන තම ලේකම්වරයා ලවා කෝවිඩ් අරමුදලට මුදල් ඉල්ලා සිටින බවය. නැතිනම් ඔහු වැටුප් ලබාදී හැකිනම් තමා අනුගමනය කර ලෙස රජයේ සේවකයන්ට අවඥා කරන බවය.

මේ වනවිට විවිධ අන්දමින් ණය වී නිවසේ ආර්ථිකය පවත්වාගෙන යන්නට නොහැකිව සිටින රජයේ සේවකයන්ට මුදල් පරිත්‍යාග කිරීමට ඉල්ලා සිටීම කිසිසේත්ම පිළිගත නොහැකි බව පවසා සිටි අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ඒක්තරා වෘත්තිය සමිති නියෝජිතයෙක්, පුදුම විය යුත්තේ ජනාධිපතිවරයාට ඒසේ මුදල් පරිත්‍යාග කිරීමට ආර්ථික හැකියාවක් නොතිබේ නම් බවද කියා සිටියේය. ඔහු පැවසුවේ වසංගතයට මුවා වී ආණ්ඩුව ජනතාවගේ අරමුදල් විවිධ ආකාරයට සහන ව්‍යාපෘති ලෙස යොදවන්නේ ජනාධිපතිවරයාට ඇති විධායක බලය යටතේද නැත්නම් ව්‍යවස්ථාවට පිටින්ද යන්න විසඳිය යුතු ප්‍රශ්නයක්ව තිබියදී මෙවැනි අරමුදල් යනු පහසුවෙන් ජනතාවගේ අරමුදල් ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපෘතියට හේත්තුවන බවද පෙන්වා දුන්නේය. මහජනතාවගේ අරමුදල් කලමනාකරණ බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවට වුවද මේ වනවිට පාර්ලිමේන්තු මැතිවරණයක් අබියස හිතන හිතන ආකාරයෙන් අතදිග හැර සහන දෙමින් ඡන්ද සූදුවක යෙදීමට ආණ්ඩුවට, ‘කොරෝනා ගරානාවක්ව ඇති බව’ ඔහු අවඥා සහගත ලෙස කියා සිටියේය.

මේ අතර පරිපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිය සමිති ක්‍රියාකාරිකයකු පැවසුවේ ජනාධිපතිවරයා විසින් අද ගත් පියවර ජනාධිපති ලේකම්වරයා විසින් කළ ඉල්ලීමට සම්බන්ධතාවක් ඇති බවය. ජනාධිපති ලේකම් විසින් සිය නිල ලිපි ශීර්ෂයෙන් සියලුම පරිපාලන නිලධාරින්ට ලැබෙන ලෙස යොමුකළ ලිපිය ඉල්ලීමක් ලෙස ප්‍රකාශ වුවද ඒය නිල වශයෙන් මෙරට ප්‍රධාන පරිපාලන නිලධාරියා විසින් නිකුත් කළ රාජකාරිමය ලිපියක්වන බවය. ඒ් ලිපිය සම්බන්ධධයෙන් විවිධ විරෝධතා මතුවන විට පී.බී.ජයසුන්දර ජනාධිපති ලේකම්වරයා ඒහි බරපතළකම යට ගසනුු පිනිස ‘ඒය ඉල්ලීම්ක් පමණක්’ බව කියා සිටි බව පෙන්වා දුන් ඒම නිලධාරියා, ජනාධිපතිවරයාට වැටුප් පරිත්‍යාග කරන්නට සිදුව ඇත්තේ ඒම ලිපියේ ‘ඉල්ලීම’ නිසා හටගත් විරෝධය නිසාම බව පෙන්වා දුන්නේය.

අප විසින් කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ අත්‍යවශ්‍ය සේවා අංශයේ සේවක වෘත්තිය සමිතියක නියෝජිතයෙක් ජනාධිපතිවරයා විසින් දුන් ආදර්ශයක් ලෙස පිළිගත්තද ජනාධිපති ලේකම්වරයා විසින් පළමුවෙන් රාජය සේවකයන්ට ලබාදුන් ලිඛිත ඉල්ලීම බරපතල බව පැවසීය. ඒය ජනාධිපතිවරයාගේ දැනුවත්කමක් නොමැතිව කළ ඉල්ලීමක් ලෙස සැළකිය නොහැකි බව පෙන්වා දෙන ඒම නියෝජිතයා කොහොමටත් වැඩකරන ජනතාවගේ ගැටලු පාලකයන්ට අදාල නොවන තත්වයක් යටතේ රාජය සේවකයන් ඒවැනි ඉල්ලීම් ගැන සළකා බැලිය යුතු වන්නේ තමන්ගේ ආර්තික හැකියාව මත බව කියා සිටියේය. විශේෂයෙන් සෑම පුරවැසියකුම පාහේ ඒක්කෝ ඉඩමක්, නිවසක් නැත්නම් වාහනයක් වෙනුවෙන් බැංකු, රක්ෂන හෝ වෙනත් මුල්‍ය ආයතනවලට වාරක ගෙවන නිසා ආණ්ඩුවට බලහත්කාරයෙන් මිස රාජ්‍ය සේවකයන්ගෙන් දායකත්වයක් ගන්නට නොහැකි බව පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා විසින් කළ දායකත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධව සිටි වෘත්තිය සමිති නියෝජිතයකු නොවූ සේවකයකුගේ අදහස වූයේ මෙය ජනාධිපතිවරයාගේ පෞද්ගලික තීරණයක් වනු මිස රාජ්‍ය සේවකයන් ඔහු අනුගමනය කළයුතු නොවන බවය. ජනාධිති ලේකම් කාර්යාලය තුල පවා රාජ්‍ය සේවකයන්ගෙන් මුදල් ඉල්ලා සිටීම ගැන ප්‍රසාදයක් නොමැති බව ඔහුගේ අදහස විය.