தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරින් සහ විරෝධතාකරුවන් 53ක් පොලිස් අත්අඩංගුවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරින් සහ විරෝධතාකරුවන් 53ක් පොලිස් අත්අඩංගුවට!



අද(9) පස්වරු 1.00ට කොළඹ විරෝධතාවකට පැමිණි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරින් ඇතුලු විරෝධතාකරුවන් 53 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අමෙරිකන් තානාපති කාර්යාලය අසළ පැවැත්වීමට නියමිත වූ මෙම උද්ඝෝෂණය කොරෝනා වසංගතය ව්‍යාප්තවීමට හේතුවන බව දක්වමින් කොල්ලුපිටිය පොලිසිය විසින් කළ ඉල්ලීමකට අනුව, අධිකරණය විසින් තහනම් නියෝගයක් ලබාදී ඇත. එම නියෝගය භාවිත කරමින් කොල්ලුපිටියේ සිට අමෙරිකන් තානාපති කාර්යාලය දෙසට යමින් සිටි පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුලු සමාජ ක්‍රියාකාරින් 21ක් කොල්ලුපිටිය මංසන්ධියේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්පසුව පොලිසිය ලිබර්ටි වටරවුම අසළට පැමිණ එහි සිටි පෙ.ස.ප. ක්‍රියාකාරින් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී. මේ තත්වය තුළ පෙ.ස.ප. ක්‍රියාකාරින් ඇතුලු විරෝධතාකරුවන් ලිප්ටන් වටරවුට පැමිණ සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කරමින් සමාජ දුරස්තභාවය සහිතව නිහඬ විරෝධතාවක් ආරම්භ කරණ ලදී. එම විරෝධතාව අවසන් කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වන අතරතුර එහි පැමිනි පොලිස් කණ්ඩායමක් හා කැරලි මර්දන ඒකක සෙබලුන් විසින් විරෝධතාකරුවන් ඇදගෙන ගොස් ජීප්රථවලට හා ට්‍රක්රථවලට තල්ලුකරන ලදී.
කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොමැතිව සාමකාමී ලෙස විරෝධයේ යෙදුණු පිරිසක් ලිප්ටන් වටරවුමේදී ප්‍රචණ්ඩ ආකාරයෙන් මැදිහත්වී අත්අඩංගුවට ගන්නා ලදී.

මේ වනවිට වාර්තාවන ආකාරයට අත්අඩංගුවට ගෙන ඇති පිරිස කොම්පඤ්ඤ වීදියේ අධිකරණය වෙත රැගෙනවිත් තිබේ. එසේ ගෙනැවිත් ඇති විරෝධතාකරුවන් අතර සිටි බවට වාර්තාවන පිරිසකගේ නම් පහත සටහන් කරමු.

  1. පෙ.ස.ප. ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්
  2. පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව
  3. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන
  4. සුජිත් කුරුවිට
  5. නීතිඥ නුවන් බෝපගේ
  6. නීතිඥ අරුලිංගම්
  7. නැණසීලි ලියනගේ
  8. බෙනිල්ඩස් සිල්වා
  9. නිලාන් ප්‍රනාන්දු
  10. කසුන් සමරවීර
  11. පාලිත බණ්ඩාර
  12. අනුර වික්‍රමවංශ
  13. ආනන්ද
  14. සනත් බණ්ඩාර
  15. සී.ලන්දගේ
  16. දේවක රණසිංහ
  17. ධම්මික මුණසිංහ
  18. ප්‍රභාත් නයන කුමාර
  19. ජගත් ජානක
  20. වසන්ත ධර්මකීර්ති
  21. සමීර විදුජය
  22. රශ්මි දිව්‍යාංජලී
  23. ප්‍රසාද් කුමාර
  24. මහේෂ් කුමාර
  25. ගාමිණි
  26. තිළිණ පුංචිහේවා
  27. නිහාල්
  28. ජානක පීරිස්
  29. ඇඩම්ස්
  30. නිරෝෂා ගුරුගේ
  31. සහිරු සසංක
  32. කෝෂිලා හංසමාලි
  33. තුසිත අරවින්ද
  34. ටැම්පිටියේ සුගතානන්ද
  35. අඳුරත්විල චන්ද්‍රෙජා්ති
  36. දිනේෂා
  37. සමන්
  38. දුලිප් දුෂාන්ත
  39. නර්මදා ධර්මකීර්ති
  40. ෂෙහාන් දිලීප
  41. ඉෂානි පෙරේරා
  42. භවන්ත මන්තිල
  43. ප්‍රියන්ත චන්ද්‍රකුමාර
  44. තාරක විජේබාහු
  45. මොහොමඩ් ශ්‍යාම්
  46. රෝහිත
  47. මුත්තු නඩරාජා
  48. චන්දන රොද්‍රිගෝ
  49. ජී.වී. දයානන්ද
  50. සුසන්ත කරුණාරත්න
  51. මලිඳු මෙත්සර
  52. සිතුම්