தமிழ்
English
Contact
Monday 26th October 2020    
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුවර කාර්යාලයේ ගින්නක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුවර කාර්යාලයේ ගින්නක්!



පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ නුවර දිස්ත්‍රික් කාරයාලය ඊයේ(9) රාත්‍රි ඇති වූ ගින්නකින් මෝටර් සයිලක් දෙකක් ඇතුළු ලියකියවිලි හා සාමාජිකයන්ට අයත් පෞද්ගලික භාණ්ඩ ඇඳුම් ආදිය විනාශ වී ඇත.

ඊයේ දිනයේ කොළඹදී පැවැති විරෝධතාවය සඳහා කාර්යාලයේ සිටි ක්‍රියාකාරින් පිටත්ව ගොස් සිටියදී ඊයේ රාත්‍රී 11.30ට පමණ මෙම පෙරටුගාමි සමාජවාදි පක්ෂ කාර්යාලයේ ගින්නක් හටගෙන ඇතිබවට 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු ඇමතුමක් මත පේරාදෙණිය පොලිසිය පැමිණ මහනුවර ගිනිනිවීම් ඒකකය කැඳවා ගින්න මැඩ පවත්වා ඇත.

ඊයේ විරෝධතාවට සහභාගි වූ ක්‍රියාකාරින් පොලිස් අත්අඩංගුවට පත්ව සිටි අතර අධිකරණ කටයුතු ආදිය හමුවේ නැවත කාර්යාලය වෙත පැමිණීම ප්‍රමාදවී ඇත.

මේ අතර කාර්යාලයේ ගින්න නිසා විනාශ වූ දේ සම්බන්ධ නිසි තොරතුරු ලබාගැනීමට කාර්යාලය භාර පෙ.ස.ප. සාමාජිකාවක් පැමිණෙන තුරු පොලිසිය පැමිණිල්ල සටහන් කිරීම ප්‍රමාදකර ඇත. ඇය ඊයේ විරෝධතාවයේදී ප්‍රහාරයට ලක්වීම නිසා අද රෝහල්ගත කළ නිසා මේ ගැටලුකාරී ගින්න පිළිබඳව පැමිණිල්ලක් කිරීමට හැකියාව ලැබී නැත. ඒසේ වුවද පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විශේෂ විමර්ශන කටයුතු අරඹා ඇති බවද පේරාදෙණිය පොලිසිය පැවසීය.

කෙසේවෙතත්, ගින්න සම්බන්ධ මාධ්‍යවේදින් වෙත අදහස් දක්වමින් මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සුනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ, කාර්යාලයේ තිබූ යතුරුපැදි දෙකක්, ශබ්දවාහිනි යන්ත්‍රයක් හා වැදගත් ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් ඒහිදී විනාශයට පත්ව ඇති බවය. මෙම කාර්යාලයේ අයිතිය සම්බන්ධව මැදිහත්වීම පිණිස ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික පිරිසක් මින්පෙර මෙවැනිම අවස්ථාවක පෙ.ස.ප සාමාජිකයන් නොමැති අවස්ථාවක් බලා බලහත්කාරයෙන් ඇතුළුවීම නිසා ආරවුලක්ද ඇති විය. ඒ් අතරම මෙම කාර්යාල ගොඩනැගිල්ල පිහිටි ඉඩමේ හිමිකරු හා නෛතිකව බදු අයිතිය හිමි පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර අධිකරණයේ නඩුවක් පවතින බවද හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

කාමරයක තිබුණු මොටර් සයිකල් දෙකක් හා අත්‍යවශ්‍ය ලිපි ගොනු ගින්නෙන් විනාශ විය
ගින්න නිසා දැවී ගිය ජනේලය