தமிழ்
English
Contact
Thursday 5th August 2021    
පෝක් සමුද්‍ර සන්ධිය තරණයකර යළි පැමිණීමට ගුවන් භටයකුගේ උත්සාහයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පෝක් සමුද්‍ර සන්ධිය තරණයකර යළි පැමිණීමට ගුවන් භටයකුගේ උත්සාහයක්!



ලංකාව හා ඉන්දියාව අතර මුහුදු තීරය, පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර නැවත පැමිණීමෙ වාර්තාවක් සඳහා ගුවන් හමුදා භටයකුවන රොෂාන් අබේසුන්දර ඉදිරිපත්ව සිටී.

32 හැවිරිදි රොෂාන්, හෙට(11) තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි වෙත කි.මි.30ක් පිහිනා නැවත පැමිණීමෙන් වාර්තාවක් පිහිටුවන්නට සූදානම්ය.

මෙම විශේෂ අවස්ථාව සමාන වන්නේ 1971 ලාංකීය පිහිනුම් ක්‍රීඩක කුමාර් ආනන්දන්ගේ වාර්තාගත උත්සාහයටය. පැය 51ක කාලයකින් ධනුස්කොඩි වෙත පිහිනා නැවත පැමිනීමට ඔහු සමත් විය. පෝක් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට පිහිනුම්කරුවන් 14 දෙනකු පමණ සමත්ව අැති නමුත් නැවත පැමිනීමෙන් වාර්තාවක් පිහිටුවන ලද්දේ කුමාර් පමණි. පසුගිය මාර්තු 21 වැනිදා, ශ්‍යාමලා ගෝලි නමැති 47 හැවිරිදි ඉන්දිය කාන්තාව තලෙයිමන්නාරමෙ සිට ධනුස්කොඩි ෙවත පිහිනා යන්නට පැය 13කුත් මිනි.43ක් කාලය ෙගන තිබිණි. මෙම සුමද්‍ර තීරය තරණය කළ දෙවැනි කාන්තාව අැයයි. 2019 දී පැය 10කුත් මිනි.30කින් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ වායි වස්වන්ත් නමැති 10 හැවිරිදි තමිල්නාඩු පිහිනුම් ශූරයා ෙමම කි.මි.30 අඩුම කාලයකින් තරණය කළ ලාබාලතම පුද්ගලයා ෙව්.

රොෂාන් අබේසුන්දර විසින් ඒ වාර්තාව සම කරයිද බිඳ දමයිද යන කතුහලය බොහෝ දෙනාට අැතිව තිබේ.