தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
පෙ.ස.ප. ජනාධිපතිවරණයට ආවෙ සමාජවාදී අරමුණ දිනවීමටයි ! - දුමින්ද නාගමුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පෙ.ස.ප. ජනාධිපතිවරණයට ආවෙ සමාජවාදී අරමුණ දිනවීමටයි ! – දුමින්ද නාගමුව



පෙ.ස.ප. ජනාධිපතිවරණයට පිවිසෙන්නේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයට සැබෑ විසඳුම සමාජවාදය බව ජනතාව අතර මතය ජයග්‍රහණය කිරීමට බව කුළුගෙඩිය ලකුණෙන් ඉදිරිපත් වන දුමින්ද නාගමුව පැවසීය.

‘යුක්තිගරුක සමාජයක්-සමාජවාදී අපේක්ෂකයෙක්‘ යන තේමාවෙන් ජනාධිපතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා ලෙස පෙ.ස.ප ප්‍රචාරක ලේකම්
දුමින්ද නාගමුව අද(7) මැතිවරණ කොමිෂන් සභාවට නාම යෝජනා භාර දුන්නේය. ඔහු සමග පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

මැතිවරණ ලේකම් කාර්යාලය ඉදිරිපිට ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා අවධාරනය කළේ මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන් අතර පවතින නවලිබරල් ධනවාදී වැඩපිළිවෙළ වෙනුවෙන් පෙනී සිටින එම මතය වෙනුවෙන් කටයුතු කරන අපේක්ෂකයන් උත්සාහ දරන්නේ ජනතාවගේ පීඩාව අහෝසි කිරීමට නොව එය පවත්වාගෙන යාමට බවය. ජනතාව විවිධ ආකාරයෙන් පීඩනයට මර්දනයට ලක්කරන වත්මන් පාලනය සහ මේ දක්වා දේශපාලන පොරපිටියේ බල අරගලයක නියුතු දේශපාලන බලවේග විසින් සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික අර්බුදය සිය පටු දේශපාලන බල අරමුණුවලට යොදාගත් බව පැවසීය.

ඒ වෙනුවට පීඩිතයන්ගේ විමුක්තිය අරමුනුකරගත් දේශපාලන විසඳුම් ඇත්තේ සමාජවාදය තුළ බව ජනතාවට අවබෝධයක් ඇති කිරීමටත් ජනතාව සංවිධානය කරමින් සමාජවාදය වෙනුවෙන් විප්ලවකාරී වැඩපිළිවෙළක් ජයග්‍රහණය කරවීමටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපතිවරණ වේදිකාවට පැමිණි බව දුමින්ද නාගමුව පැවසීය.