Posted on 10.14.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාව, චීනයේ ණය උගුලේ සිරවී ඇතැයි කෙරෙන ප්‍රකාශ ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රසිද්ධියේ ප්රතික්ෂේපකර ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි.
පසුගියදා චීන විශේෂ දූත පිරිසක් මෙරට කළ සංචාරයෙන් පසුව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක සාවෝ ලිජියැන් ඊයේ(13) මාධ්‍ය හමුවකදී මේ බව පවසා තිබේ. මාධ්‍යෙව්දීන් මතුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර ලෙස එම ප්‍රකාශකවරයා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා උපුටා දක්වමින් චීනයේ BRI සැලැස්මේ ලංකාවේ භූමිකාව අනාවරණයකර ඇත. ‘තීරයක්-මාවතක්’ (BRI) සැලැස්මේ කොටස්කරුවන් කිසිදු ණය උගුලක සිරවී නැති බවත් ලංකාවේ ජනාධිපති කියන්නේද එසේ චීනයේ ණය උගුලේ සිරවී නැති බව යැයි එහිදී ප්‍රකාශ වී තිබේ.
‘ලංකාවේ යටිතල පහසුකම් සඳහා විශේෂ දායකත්වයක් චීනය විසින් දක්වා ඇති බවද BRI සැලැස්ම යටතේ සහයෝගිතාවයෙන් කටයුතු කිරීමට’ ලංකාව කැමැත්ත පළකර තිබෙන බවද එම ප්‍රකාශයේ සඳහන් වේ. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දෙරටටම වාසිදායක ව්‍යාපෘති බව එහිදී චීන ප්‍රකාශකයා පවසා ඇත. මේ දක්වා BRI සැලැස්මේ කොටස්කරුවන් ණය උගුලක සිරවී නැති බව පවසන එම ප්‍රකාශකයා ඒ වෙනුවට ඔවුන් එහි වැදගත්කම අගය කරමින් කටයුතු කරන බවද පෙන්වා දෙයි. චීනයේ BRI සැලැසුමට සහාය පළ කරන රටවල් අතර ඉන්දියන් සාගරයේ මාල දිවයින හා ලංකාව විශේෂ කොටස්කරුවන් බව විදේශ අමාත්‍යංශය පවසයි.
මෙම වසර ආරම්භයේදී ලංකා ආණ්ඩුව ඩොලර් මිලියන 500ක චීනයේ ණය ගිවිසුමකට අත්සන් ලැබූ අතර පසුගියදා පැමිණි චීන නියෝජිත පිරිස සමග තවත් ඩොලර් මිලියන 500 මුල්‍ය පහසුකම් ගිවිසුමකට අත්සන් තබා ඇත. ගෝඨාභය-මහින්ද ආණ්ඩුව බලයට පත්වන විට ට්‍රිලියන 13ක්ව තිබුණු ණය ප්‍රමාණය නැවත ඉහළ යාමට මෙම තත්වය බලපා තිබේ. වසර අවසාන වනවිට ලංකාවේ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 16කට වැඩි අගයක් ගන්නා බවට අනාවැකි පළ වී තිබේ.