தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
පොදුජන පෙරමුණු උකුවෙල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු මිනිස් දඩයමක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොදුජන පෙරමුණු උකුවෙල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු මිනිස් දඩයමක!



අධ්‍යාපනය මිලිටරීකරණය වීම හා පෞද්ගලීකරණ වීමට එරෙහිව උද්ඝෝෂණය කළ නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින් පක්ෂයේ උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රි ඩේවිඩ් සුරේන්ට පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් අවමන් සහගත ලෙස ප්‍රතිචාර දක්වා ඇත.

ඔහු විසින් අද(13) විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්ද උකුවෙල ප්‍රාදේශිය සභාව අසළ උද්ඝෝෂණයක නිරත වන අවස්ථාවේ එහි පැමිණි පොදුජන පෙරමුණු ප්‍රාදේීශය සභා මන්ත්‍රින් සහ ආධාරකරුවන් විසින් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාට ‘කොටියා’ යනුවෙන් ආමන්ත්‍රණය කරමින් විවිධ අවමන් සහගත ප්‍රතිචාර දක්වා ඇත.

විරෝධතාවකදී අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙස නිරෝධානයට යොමු කළ ගුරු සංගම් නායකයන් මෙන්ම අනෙක් ශිෂ්‍ය සංගම් වල නායකයන් නිදහස් කරන ලෙසත් ඉහළ යන ජීවන වියදම, රජයේ අත්තනොමතික තීරණයක් වූ රසායනික පොහොර ආනයන නැවැත්වීම සහ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් ප්‍රශ්නය ආදි හේතු මත ඔහු මෙම විරෝධය ආරම්භ කළේය. ඔහුගේ සාමකාමී විරෝධතාව අතරේ එහි පැමිණි පොදුජන පෙරමුණු සාමාජිකයින් ඩේවිඩ් සුරේන් වෙත “කොටියා” යැයි අවමන් කිරීම බරපතල වන්නේ වත්මන් ආණ්ඩුවේ ජනාධිපති හා අගමැති 2009 යුද්ධය අවසන් කළ බවද එල්ටීටටීඊය අවසන් කළ බවටද පුරසාරම් කියමින් ජය පැන් පානය කළ තත්වයක් යටතේය. යුද සමයේදී සියලු තමිල් ජාතිකයන් ‘කොටි’ චෝදනා යටතේ අවමන් කිරීම මෙන්ම මේ වනවිට මුස්ලිම් ජාතිකයන් අන්තවාදින් ලෙස හංවඩු ගසනු ලැබීම ඔවුන්ට අවමන් කිරීම හා පහරදීම් සාධාරණිකකරණය කෙරෙන බරපතළ තත්වයකි. සුරේන් මන්ත්‍රිවරයා නියෝජනය කරන නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින් පක්ෂය යුද්ධයට පාදක වූ සන්නද්ධ ‌දේශපාලනය ප්‍රතික්ෂේප කරන එහෙත් තමිල් ජනයාගේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පක්ෂයකි.

උතුරේත් දකුනේත් කඳුකරයේත් තමිල් ජනයා වෙනුවෙන් ප්‍රගතියේ මාවත ලෙස සමාජවාදය විශ්වාස කරන මන්ත්‍රිවරයාට ඔහුගේම සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිවරු අවමන් කිරීම නිසා පොදු ජන පෙරමුණේ ජාතිවාදී අන්තවාදී දේශපාලන ප්‍රචණ්ඩත්වය අනාවරණය වී තිබේ.