Posted on 07.27.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඊයේ (26) දින මහ නගර සභාවේ මුදල් කාරක සභාවේදි නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ අවමානයට පත් කිරීම හා පහර දීම සම්බන්ධයෙන් එම නගර සභා මන්ත්‍රිනායක වන සුරංගි රේණුකා සමරතුංග අද දින නගර සභාවේ සේවක විරෝධයට ලක් වූවාය.
අනුරාධපුර නගරාධිපති එච්.පි.සෝමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති මුදල් කාරක සභාවේදි ඇයගේ ක්‍රියාකලාපය සම්බන්ධ කෝපයට පත් නගර සභා කාර්ය මණ්ඩල සාමාජිකයන් අද (27)දින උදැසන නගර සභාවට පැමිණ මන්ත්‍රිවරුන්ගේ නිල කාමරයේ රැදි සිටියදි ඇයට නගර සභාවෙන් ඉවත් වන ලෙස විරෝධය පළ කර ඇත. එහෙත් ඇය ඊට එකඟ නොවීම හේතුවෙන් ඔවුන් විසින් බලහත්කාරයෙන් කැඳවාගෙන ගොස් නාගරික කොමසාරිස්වරයාට කළ අවමන වෙනුවෙන් ඔහුගෙන් සමාව ගන්නා ලෙස පවසා ඇත.
ඒ අනුව ඇය කොමසාරිස්වරයා ගෙන් ඇය සමාව ගත්තද සේවකයන් විසින් මන්ත්‍රිවරිය නගර සභාවේ පිටුපසට රැගෙන ගොස් කැලිකසල අදින ට්‍රොලියක නංවා හිරිහැර කිරීමේදී ඇතැම් කාර්ය මණ්ඩල සාමාජිකයන් හා පොලිසිය මැදිහත්වී පොලිස් කැබි රථයකින් නගර සභා භූමියෙන් ඉවතට කැඳවා ගෙන යන ලදී.