தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
පොදුජන පෙරමුණ සමග සන්ධානය ගැන අද ශ්‍රීල.නි.ප. සාකච්ඡාව තීරණාත්මකයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොදුජන පෙරමුණ සමග සන්ධානය ගැන අද ශ්‍රීල.නි.ප. සාකච්ඡාව තීරණාත්මකයි!



පොදු ජන පෙරමුණ සමග එකඟතාවක් ඇති කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට ජනාධිපති නිල නිවසේදී පැවැත් වේ.

ජනාධිපති නිල නිවසේදී මේ වනවිට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ගනු ලබන්නේ හෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පැවැත්වෙන විශේෂ සාකච්ඡාව පිළිබදව බවයි සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර පැවසීය.

හෙට (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර, උප සභාපති මහින්ද අමරවීර,සහ නියෝජ්‍ය ලේකම් ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුන් සහභාගී වන්නට නියමිතය. එම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ,පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහභාගී වීමට නියමිතය.