தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
පොදුජන පෙරමුණ 2/3 බහුතර ආණ්ඩුවක් හදන්නේ මෙහෙමයි! - ජී.එල්. කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොදුජන පෙරමුණ 2/3 බහුතර ආණ්ඩුවක් හදන්නේ මෙහෙමයි! – ජී.එල්. කියයි



මහ මැතිවරණයෙන් ලක්ෂ 68ක් ඡන්ද ලබාගෙන මන්ත්‍රී ආසන 145 ක් හිමිකරගත් පොදුජන පෙරමුණට බහුතර ආණ්ඩුවක් පිහිටුවන්නට හැකිවුවද වෙනත් පක්ෂවල සහාය ලබාගෙන 2/3 බහුතර ආණ්ඩුවක් පිහිටුවන්නට සූදානම් බව එම පක්ෂයේ සභාපති ජී.එල්.පීරිස් පවසයි. පොදුජන පෙරමුණ මෙවර මහමැතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරයේදී දිගින් දිගටම 2/3 බහුතරයක පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ජනතාව වෙත ඉල්ලා සිටියද මෙවර මහමැතිවරණයේදී හිමිව ඇත්තේ ආසන 145ක බහුතරයක් පමණකි.

ජී.එල්. පීරිස් පවසන ආකාරයට, වෙනත් පක්ෂවල සහාය හිමිකරගෙන 2/3ක බහුතරය සකස්කරගෙන ආණ්ඩුවක් පිහිටුවන්නට හැකියාවක් ඇත. එහිදී ඊපීඩීපී ඇතුලු මන්ත්‍රී ආසන බැගින් හිමිකරගත් වෙනත් පක්ෂ කිහිපයක සහාය හිමිවනු ඇති බව ඔහු පවසයි. මාධ්‍ය හමුවක් පවත්වමින් පෙ.පෙ. සභාපතිවරයා පැවසුවේ මැතිවරණ සන්ධානය යටතේ තරග නොකළද ඒම පක්ෂවල සහාය ලබාගන්නට හැකියාවක් ඇති බවය.

ඒ අනුව, මහමැතිවරණ සමයේ සොල්දාදුවන් ඝාතනය සම්බන්ධ ප්‍රකාශයක් සිදුකරමින් ආන්දෝලනයක් මතුකළ කරුණා අම්මාන් මෙන්ම වෙනත් මුස්ලිම් ඡන්ද පදනම් කරගත් පක්ෂවලින් මේ සඳහා සහාය ලබාගනු ඇත. මැතිවරණ සමයේ පොදුජන පෙරමුණ දකුණේ ප්‍රදේශවල සිංහල හා බෞද්ධ අනන්‍යතාවන් වෙනුවෙන් දේශපාලන සටන්පාඨ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුලු පොදුජන පෙරමුණේ නායකයන් සහභාගිවන වේදිකාවල ප්‍රකාශයට පත් විය. සරත් වීරසේකර වැනි අපේක්ෂකයන් දෙමළ අරගලයට එල්ල කළ රාජ්‍ය මර්දනයේ වැඩ කොටසක් ඉටුකළ හේතුවෙන් මැතිවරණ ව්‍යාපාරයේදී වීරයන් ලෙස ඔසවා තබන ලදී. දකුනේ අන්තවාදී මතයන් පාවිච්චි කරමින් ඡන්ද ආකර්ෂණය කරගන්නට පොදුජන පෙරමුණ උත්සාහ කල ආකාරයෙන්ම කරුණා අම්මාන් මෙන්ම වෙනත් සුලුතර ප්‍රජාවන් නියෝජනය කරන පක්ෂ සිය ජාතික අන්‍න්‍යතා සහ ජාතිවාදය ප්‍රයෝජනයට ගනිමින් ඡන්දදායකයන් ආකර්ෂණය කරගන්නා ලදී.
මේ ආකාරයට දකුනේ මෙන්ම උතුර හා නැගෙනහිර ආදි සෙසු පළාත්වලදී ජාතිවාදයන් බාවිත කරමින් ඡන්ද ලබාගත් දේශපාලන නායකයන් පොදුජන පෙරමුණේ 2/3 බහුතරය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට හිමි කොටසේ අසුන්ගැනීමේ තත්වයක් උදාවනු ඇත.