தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
පොම්පියෝ චීනයට 'predator' කියයි - චීනය එයට ප්‍රතිප්‍රහාර එල්ල කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොම්පියෝ චීනයට ‘predator’ කියයි – චීනය එයට ප්‍රතිප්‍රහාර එල්ල කරයි



ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවේ සිදුකල සංචාරය අතරතුර පැවති මාධ්‍ය හමුවේදී චීනය ගොදුරු සොයන සතෙකු (predator) ලෙස හැඳින්වීමට විරෝධය පළකරමින් චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. මයික් පොම්පියෝ සිය කතාවේදී පවසා තිබුණේ “We see from bad deals, violations of sovereignty and lawlessness on land and sea that the Chinese Communist Party is a predator” අපි දකිනවා චීනයේ කොමියුනිස්ට් පක්ෂය විසින් ආක්‍රමණිකයෙකු ලෙස සිදුකරන අහිතකර ගණුදෙනු, ස්වෛරීභාවයට සිදුකරන බලපෑම් සහ භූමිය/ මුහුද මත කෙරෙන අනීතික මැදිහත්වීම්”

predator යනු ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධමය චිත්‍රපටයක් වන අතර පසුව Alien Vs Predator නමින් චිත්‍රපටියක් සහ වීඩියෝ ගේම් එකක්ද හඳුන්වා දී තිබුණි.

ඒ අනුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශයට චීනයේ ප්‍රතිචාරය වී ඇත්තේ Sorry Mr. Secretary @SecPompeo , we’re busy promoting #China–#SriLanka friendship and cooperation, not interested in your #AlienVsPredator game invitation. The US can play two roles at the same time as always.(“සමාවෙන්න ලේකම් පොම්පෙයි, චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය නිසා අපි කාර්‍යයබහුලයි. අපි කැමති නැහැ ඔබේ ඔය #AlienVsPredator තරඟයට සහභාගී වෙන්න. එක්සත් ජනපදයට පුලුවන් එකවර ඔය චරිත දෙකටම රඟපාන්න”)’