தமிழ்
English
Contact
Friday 16th April 2021    
පොල්තෙල් ගෙන්වූ සමාගමක් දෙවන පරීක්ෂණයෙනුත් අසමත් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොල්තෙල් ගෙන්වූ සමාගමක් දෙවන පරීක්ෂණයෙනුත් අසමත්



ඇෆලටොක්සීන් නමැති පිළිකා කාරකය අන්තර්ගත පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වූ ප්‍රශ්නගත සමාගම් තුනෙන් එක් සමාගමක් එහි දෙවන තත්ත්ව පරීක්ෂාවෙන්ද අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි. ඇෆලටොක්සීන් නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම එයට හේතුව බවත් අනෙකුත් සමාගම් දෙකෙහි පරීක්ෂණ වාර්තා පැමිණීමට නියමිත බවත් ලංකා ප්‍රමිති ආයතනය පවසා තිබේ.

තත්ත්ව පරීක්ෂාවෙන් ද අසමත් වූ සමාගමට අදාළ තෙල් තොග ප්‍රතිඅපනයනය කිරීමට සිදු වන බව ඒ රේගු අධිකාරියද පවසා තිබේ.

තවත් සමාගම් 03ක් සිය සාම්පල දෙවන පරීක්ෂාව සඳහා අභියාචනාකර ඇති අතර ඒවායේ වාර්තා අද (29) ලැබීමට නියමිතය.

මෙළෙස අභියාචනාකර ඇත්තේ අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේන මිල්ස් රිෆයිනරීස්, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් සහ කටාන රිෆයිනරීස් යන පාරම්පරිකව මෙරටට පොල් තෙල් ආනයනය සමාගම් හතර බව ද ලීඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

සමාගම් හතරක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි.

ආන්දෝලනයට ලක්ව ඇති එම පොල්තෙල් අඩංගු කන්ටේනර් 13කට රේගු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මේ වනවිට මුද්‍රා තබා ඇතැයි ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.

ඇෆලටොක්සීන් නමැති ප්‍රබල පිළිකාකාරකය අඩංගු ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල්වල සාම්පල යළි පරීක්ෂා කිරීම මේ වනවිට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හා කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන කිහිපයක් විසින් සිදුකරමින් පවතී.

පොල්තෙල් සහ වෙනත් ආදේශක තෙල් මෙරටට ආනයනය කිරීමේදී පිරිපහදු නොකළ තෙල් තොග පෞද්ගලික සමාගම් විසින් ගෙන්වනු ලබන අතර ඒවායේ තත්ත්ව පරීක්ෂාව සිදුකරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් විසිනි. ඒ අනුව පෞද්ගලික සමාගම් දෙකක් ගෙන්වූ පිරිපහදු නොකළ පොල්තෙල් බහාලුම් 13ක ‘ඇෆලටොක්සින්‘ නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට හඳුනාගෙන ඇති බවට වාර්තා විය.