தமிழ்
English
Contact
Thursday 29th October 2020    
පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මිය යාම - පූගොඩ පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මිය යාම – පූගොඩ පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්



පසුගියදා පූගොඩ පොලිසියේ අත්අඩංගුවේ සිටි 21හැවිරිදි තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් සිදුකළ මුලික පරීක්ෂණයන්ට අදාළව පූගොඩ පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.

ගම්පහ සහකාර පොලිස් අධිකාරී 111 විසින් සිදුකරන ලද මූලික පරීක්ෂණය යටතේ, පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ මෙලෙස තහනම් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පූගොඩ පොලීසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙක් පසුගිය 11 වනදා රාත්‍රීයේ හදිසියේ අසනීප වී රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි. පසුව ඥාතීන් චෝදනා කළේ එම තරුණයාට පොලීසිය විසින් පහරදීම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.