தமிழ்
English
Contact
Thursday 29th October 2020    
පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මිය යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මිය යයි



පූගොඩ පොලීසිය මගින් පසුගිය 11 වැනිදා අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙසේ මියගොස් තිබෙන්නේ 21 හැවිරිදි වියේ පසු වූ තරුණයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නි‍යෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා ඇත්තේ අත්අඩංගුවේ පසු වූ අදාල තරුණයා හදිසියේ අසනීප වීම හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය මත මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, ඒ සඳහා කොළඹ අශ්වාරෝහක කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පත්කර තිබෙන බවත් අජිත් රෝහණ පවසා තිබේ.